අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගොවියා රජ කරවනවා කියා ඇවිත් විදේශයෙන් හාල් ගෙන්වීම හරිද..?

ගොවියා රජ කරවනවා කියා ඇවිත් විදේශයෙන් හාල් ගෙන්වීම හරිද..?

විපක්ෂ නායක රජයෙන් ප්‍රශ්න කරයි 76 වසරක ගොවියාගේ ඛේදවාචකය ගොවියාගේ සෞභාග්‍යයක් බවට පත් කරනවා කියා අද වන විට ගොවි ජනතාවගේ ජන ජීවිතය, ජීවනෝපය ආර්ථික සංහාරයක් බවට පත් කරන්න රජය කටයුතු කර ඇති බවත්…

විපක්ෂ නායක රජයෙන් ප්‍රශ්න කරයි

76 වසරක ගොවියාගේ ඛේදවාචකය ගොවියාගේ සෞභාග්‍යයක් බවට පත් කරනවා කියා අද වන විට ගොවි ජනතාවගේ ජන ජීවිතය, ජීවනෝපය ආර්ථික සංහාරයක් බවට පත් කරන්න රජය කටයුතු කර ඇති බවත් විපක්ෂය යෝජනා කළ අදහස්වලින් එකක් හෝ ක්‍රියාත්මක කිරීම ගැන ස්තූතිවන්ත වන නමුත් මෙය ප්‍රමාණවත් නොවන බවත් ලාල්කාන්ත ඇමතිවරයා ප්‍රකාශ කළ ආකාරයට රතු නාඩු නිෂ්පාදනයට රු. 76ක් අක්කරයකට අස්වැන්න කිලෝ 2315ක් ලබා ගත හැකි බවත්, සුදු නාඩු රු. 87ක් වියදම් වන විට අක්කරයකට කිලෝ 2016ක්, සම්බා රු. 97ක් වියදම් යන විට අක්කරයකට කිලෝ 1779ක්, කීරි සම්බා රු. 139ක් වියදම් වන විට අක්කරයකට කිලෝ 1589ක් ලබා ගත හැකි බව පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ දේ කොපමණ හරිදැයි උපකල්පයන කළ හොත් නාඩු උදාහරණයක් ගෙන බලන විට අප රටේ 76%ක් රතු හා සුදු නාඩු ඉල්ලුමක් ඇති බවත් රතු නාඩුවලට අක්කරයකින් කිලෝ 2315ක් එන විට කිලෝවට රු. 76ක් වැය වන විට වියදම රු. 175940ක් යන බවත් රු. 120 සහතික මිල හා බලන විට අක්කරයකට ආදායම රු. 277800ක් බවත් මාස 6කටම ගොවියාට ලැබෙන ලාභය රු. 100000ක් බවත් එය මාසකට රු. 16666ක් බවත් මේ මුදලින් ගොවියා ජීවත් වන්නේ කෙසේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සහතික මිල ගැන නැවත වරක් සිතා බලන්න

මේ සහතික මිල ගැන නැවත වරක් සිතන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ වැඩපිළිවෙළ දෝශ සහිත බවත් ඊට අමතරව දැන් ගොවියා කසිප්පුකාරයා වී කෘත්‍රිම ගොවියා වී ඇති බවත් ගොවියා රජ කරනවා යැයි එදා කිව්වත් දැන් කුලයක් ගැනත් රජයේ ඇමතිවරයකු කියන බවත් කුල පීඩනය නිසා නිර්මාණය වූ ජවිපේ අද රෝහණ විජේවිර මහතාගේ අදහස් පවා මේ පක්ෂය විනාශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

මිල පාලනය නැත්නේ ධනකුවේරයන්ට බය නිසාද..?

මිල පාලනයක් සේම පාරිභෝගිකයා ආරක්ෂා කරන්න පාලන මිලක් දී ඇති බවත් කීරි සම්බාවලට රු. 26ක පාලන මිලක් ලබා දී ඇති බවත් වෙළෙදපොළේ කීරි සම්බා දැන් රු. 380ක් බවත් මේවාට රජය මැදිහත් නොවන බවත් එයට හේතුව කීරිසම්බා ක්‍රියාවලියට ධන කුවේරයන් සම්බන්ධ නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සහල් අතිරික්තයක් තිබියදී ඇයි රටින් හාල් ගේන්නේ..?

මෑත ඉතිහාසයේ වැඩිම අස්වැන්න 2020 ලැබූ බවත් ඉන් පසුව කාබනික සූත්‍රය නිසා ගොවිතැන කඩා වැටුණත් 2025 නැවත වරක් මෙට්‍රික් ටොන් 5 ඉලක්කය කරා යන බවත් ඒ ගැන සතුටු වුවත් අප රටේ සැබෑ සහල් අවශ්‍යතාව වන්නේ මෙට්‍රික් ටොන් මිලියන 2.5ක් බවත් නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටොන් මිලියන 3.2ක් බවත් මේ අතරින් යම් ප්‍රමාණයක් අතුරි නිෂ්පාදනවලට ගියත් මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක අතරික්තයක් ඇති බවත් දැන් මෙවැනි අතරික්තයක් තිබියදී මෙට්‍රික් ටොන් 340000ක් සහල් ආනයනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඡන්දෙට කලින් නම් රටින් හාල් ගේන එක ගොවියාට බඩේ පාරක් ගහන වැඩක් කියලත් කිව්වා

ජවිපේ විරුද්ධ පක්ෂයේ සිටින විට කිව්වේ සහල් රටෙන් ගේන්නේ කොමිස් ගහන්න බවත් කොමිස් ගහන්න ඕනි නිසා ගොවියා විනාශ කර බවට නාමල් කරුණාරත්න මහතා පවසන විට අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සිටින විට කිව්වේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන එන විට එක මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 100යි, මෙට්‍රික් ටොන් ලක්ෂයෙන් ඩොලර් ලක්ෂ 100යි, ඩොලර් ලක්ෂ 100ක් කියන්නේ ඩොලර් මිලියන 10යි, රු. මි. 30000යි, කෝටි 300ක් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ට කෝටි 900ක් හාල් ආනයනය කරලා ගොවියාට බඩේ පාර ගහන බවට පැවසූ බවත් දැන් ඇත්තටම ගොවියාට බඩේ පහර ගැහුවේ කවුද කියා හිතාගන්න පුළුවන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අදටත් ගොවියාට සහනයක් නෑ

මාර්තුවේ සහල් මෙට්‍රික් ටොන් 157000ක් ගෙන්වූ බවත් එහි විශේෂ ආයනය බද්දෙන් බි. 10ක බදු ආදායමක් ලැබී ඇති බවත් ජවිපේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළ පාරිභෝගිකයෝ ලක්ෂ 220ට සේම වී ගොවිතැනේ නියැලී සිටින ලක්ෂ 21ටවත් සහනයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අවශ්‍යයි

අප රටේ ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් රටේ 76%ක ඉල්ලුමක් රතු හා සුදු නාඩුවලට ඇති බවත් සම්බා හා කීරි සම්බාවලට 12%ක ඉල්ලුමක් ඇති බවත් 1948 අප රටේ සහල් අවශ්‍යතාවෙන් 36%ක් සම්පූර්ණ වූ නමුත් 2010 අවශ්‍යතාවෙන් රටේ සහල් අවශ්‍යතාව සම්පූර්ණ නොවූ බවත් පැහැදිලි විධිමත් කෘෂිකාර්මික සැලසුමක් නිර්මාණය නොවීම නිසා රටක් ලෙස අමාරුවේ වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වී අලෙවි මණ්ඩලය තවත් ශක්තිමත් කරන්න

වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කළ යුතු බවත් අද වන විට විපක්ෂයේ බල කිරීමට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට පොලි රහිත ණය වැඩසටහන හොඳ වුවත් එය ප්‍රමාණාත්මකව මදි බවත් මිල පාලනයට මීට වඩා වැඩි ශක්තියක් දිය යුතු බවත් අසාදු ලේඛනගත වූ මෝල් හිමියන්ට තවත් ශක්තියක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බීජ සහ පොහොරවල මිල පාලනයක් සේම ගුණාත්මකභාවය ගැනත් සිතන්න

නිෂ්පාදන පිරිවැය ගැන බලන විට ග්ලයිෆසෝට් ලීටර් 4ක් අවශ්‍ය බවත් රටට ගෙන්වන පිරිවැයට වඩා දෙගුණයක් ගොවියා ගෙවන නිසා මිල පාලනයක් සේම ගුණාත්මක තත්ත්වයේ ද පාලනයක් තිබිය යුතු බවත් එළවළු බීජ ආනයන බලපත්‍ර දුන්නත් මිල තීන්දු කරන්න නියාමන ක්‍රමයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යාවත්කාලීන කෘෂිකාර්මික දත්ත පද්ධතියක් සකස් කරන්න

ඊට අමතරව යාවත්කාලීන දත්ත පද්ධතියක් සකස් කර වගා රටාවක් සකස් කර ඩිජිටල්කරණය කරන ලෙසත් ඒ තුළින් ඒකාග්‍රතාවක් ඇති වන බවත් මේ ගැනත් අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එල්නීනෝවට මුහුණ දෙන්න පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කරන්න මේ එල්නීනෝ ලානීනා තත්ත්වය බලපාන බවත් යල කන්නයේ වැඩ අවසන් වුවත් ඉදිරි කන්න අවදානමට ලක්විය හැකි නිසා සැප්තැම්බර් සිට මාර්තු දක්වා කාලය සදහා පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා සිටින ලෙසත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න