අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගුරු සේවා සංගම් සභාපතිට පහර දුන් මැරයින් නීතිය ඉදිරියට පමුණු වනු..!

ගුරු සේවා සංගම් සභාපතිට පහර දුන් මැරයින් නීතිය ඉදිරියට පමුණු වනු..!

ගුරුසේවා සංගම් සභාපතිවරයාට එල්ල කළ මැර ප‍්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අතර එම ප‍්‍රහාරයට සම්බන්ධ මැරයන් වහාම නීතිය ඉදිරියට පමුණු වන ලෙස ආණ්ඩුවට බල කර සිටින්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ විශේෂ නිවේදනයක්…

ගුරුසේවා සංගම් සභාපතිවරයාට එල්ල කළ  මැර ප‍්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අතර එම  ප‍්‍රහාරයට සම්බන්ධ මැරයන් වහාම නීතිය ඉදිරියට පමුණු වන ලෙස ආණ්ඩුවට බල කර සිටින්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නිකුත් කරුණු ලැබ තිබෙන එම නිවේදනයේ මෙසේ ද සඳහන්වේ.

ගුරු සේවයේ ඉතාම සාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් බදාදා (04) බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට ලංකා ගුරු සේවා සංගමය ඇතුළු තුරු සංගම් විසින් පවත් වන ලද සාමකාමී උද්ඝෝෂණයට එජාපයට සම්බන්ධ මැර පිරිසක් පහරදීම නිසා ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම සහෝදරයා රෝහල් ගත කරනු ලැබ තිබේ. පළමුවෙන්ම මෙම මැර ප‍්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව අපි හෙළා දකිමු.

මෙය අහම්බයක් හෝ සරල සිදුවීමක් ලෙස බැහැර කළ නොහැකි බරපතළ සිදුවීමකි. මෙයින් අඟවන්නේ වෘත්තීය සමිති මර්දනය කළ, සමිති නායකයින් දඩයම් කළ හා බියවැද්දු සිය අතීතයට ආපසු යාමට එජාපය උත්සාහ දරන බවකි.

එක්තරා වකවානුවක එජාප වෘත්තීය සමිතිවල මැරයන්ගෙන් “තග් සංස්ථාව”පිහිටුවා කම්කරුවන් හා කම්කරු නායකයන් මර්දනය කළ හා ඝාතනය කළ එජාපය දැන් යළිත් වෘත්තීය සමිති නායකයන්ට පහර දීම අරඹා ඇත. මෙය එජාපය ඊනියා යහපාලන පිරුවටය යටින් ඇති සිය නග්න හෙළුව පෙන්වීමක් මිස අන් යමක් නොවේ.

රටට අහිත කර ගිවිසුම් අත්සන් කරමින්, ආර්ථිකය අධිරාජ්‍යවාදී වුවමනාවන්ට යට කරමින්, එහිම අවශ්‍යතාවයන්ට අනුව රාජ්‍ය සේවය දිය කර හරිමින්, රාජ්‍ය සේවයේ පොදු නීති රීති උල්ලංඝනය කොට තම පාක්ෂිකයන්ට තනතුරු හා වරදාන ලබාදෙමින් යන විනාශකාරී ගමනට හරස් වන බලවේගවලට එරෙහිව මැර බලය යෙදවීමට තමන් සූදානම් බව මේ ප‍්‍රහාරය මගින් එජාපය පෙන්වාදී තිබේ.

එබැවින් ගුරුසේවා සංගම් සභාපතිවරයාට එල්ල කළ මෙම මැර ප‍්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අපි මෙම ප‍්‍රහාරයට සම්බන්ධ මැරයන් වහාම නීතිය ඉදිරියට පමුණු වන ලෙස ආණ්ඩුවට බලකර සිටිමු. එසේම මෙවැනි මැර කි‍්‍රයා පරාජය කිරීම සඳහාත්, තම අයිතීන් දිනා ගැනීම සඳහාත්, සමගියෙන් පෙළ ගැසෙන ලෙස සියලූම වැඩ කරන ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගුරු සේවා සංගම් සභාපතිට පහර දුන් මැරයින් නීතිය ඉදිරියට පමුණු වනු..! | Lanka Newsweek