ගුරු සංවර්ධන නිලධාරීන්ගේ සාමකාමී උද්ඝෝෂණය පිළිබඳව සොයා බැලීමට සජිත් යයි

(අචින්ත මධුර) සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට එක්වූවත් පසුගිය කොවිඩ් සමයේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ දී සුවිශාල කාර්යභාරයක නිරත වූ පාසල්වල සේවය කළ ගුරු සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරන…
(අචින්ත මධුර)
සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට එක්වූවත් පසුගිය කොවිඩ් සමයේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ දී සුවිශාල කාර්යභාරයක නිරත වූ පාසල්වල සේවය කළ ගුරු සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරන ලෙස ඉල්ලා දිගින් දිගටම රජයට ඉල්ලීම් කර ඇති පසුබිමක ඒ ඉල්ලීම් නොසලකා හරිමින් කටයුතු කරන නිසා සෙනසුරාදා (13) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී ගුරු සංවර්ධන නිලධාරීන්ගේ එකමුතුව සාමකාමී උද්ඝෝෂණයක නිරත විය.
එම අවස්ථාව සඳහා එක්වී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ද සොයා බැලීමට කටයුතු කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ මැතිවරණ සමයේ වර්තමාන රජය දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට වගකීමක් ඇති බවයි. තවදුරටත් අදහස් දැකුවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ඔවුන්ගේ ඉල්ලීම් යම් සාධාරණ රාමුවක් තුල ඉටු කිරීමට රජය කටයුතු කළ යුතු බවත් අවම වශයෙන් ඔවුන්ට ඇහුන්කන් දීමටවත් රජයට සදාචාරමය බැඳීමක් ඇති බවයි.