අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගුරු-විදුහල්පති ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසඳුම් ප්‍රතික්ෂේප කරයි..!

ගුරු-විදුහල්පති ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසඳුම් ප්‍රතික්ෂේප කරයි..!

(හේමන්ත තුසිත කුමාර) තම ඉල්ලීම් සඳහා කැබිනට් මණ්ඩලය දුන් විසඳුම් ප්‍රතික්ෂේප කරන බව ගුරු-විදුහල්පති ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසයි. ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම ගැන සොයා…

(හේමන්ත තුසිත කුමාර)

තම ඉල්ලීම් සඳහා කැබිනට් මණ්ඩලය දුන් විසඳුම් ප්‍රතික්ෂේප කරන බව ගුරු-විදුහල්පති ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම ගැන සොයා බැලූ අමාත්‍ය අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ අතර සැප්තැම්බර් හා ඔක්තොම්බර් මාසවල රාජකාරියේ නිරත ගුරු-විදුහල්පතිවරුන් හට රුපියල් 5,000ක දීමනාවක් ලබා දීමට නියමිතය.

ගුරු සේවය, ගුරු උපදේශක සේවය, විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවාවන් ලෙස නොවැම්බර් මස 20 වැනි දිනට පෙර ගැසට් නිවේදනයකින්  ප්‍රකාශයට පත් කිරීමටත්, වැටුප් සංශෝධන අයවැය යෝජනාවක් මගින් අදියරගතව ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත. අද (31) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගුරු-විදුහල්පති ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසඳුම් ප්‍රතික්ෂේප කරයි..! | Lanka Newsweek