අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"ගින්නෙන් උපන් සීතල" 18 වනදා සිට රිදී තිරයට..!

"ගින්නෙන් උපන් සීතල" 18 වනදා සිට රිදී තිරයට..!

රෝහණ විජේවීරයන්ගේ ජීවන කතාව පාදක කොටගත් "ගින්නෙන් උපන් සීතල" සිනමාපටය රීගල් ප්‍රමුඛ සිනමා ශාලාවන්හි මෙම වසරේ ජනවාරි මස 18 වැනිදා තිරගතවීමට නියමිතය. මෙම සිනමාපටය අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයෙන් වන අතර…

රෝහණ විජේවීරයන්ගේ ජීවන කතාව පාදක කොටගත් "ගින්නෙන් උපන් සීතල"  සිනමාපටය රීගල් ප්‍රමුඛ සිනමා ශාලාවන්හි මෙම වසරේ ජනවාරි මස 18 වැනිදා  තිරගතවීමට නියමිතය. මෙම සිනමාපටය අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයෙන් වන අතර  චමත්කා පීරිස්ගේ නිෂ්පාදනයකි.

එහි මාධ්‍ය දර්ශනය පසුගිය දිනක  ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පවත් වූ අතර  ඒ සඳහා රෝහණ විජේවීරයන්ගේ පුතු උවිඳු විජේවීර ද සහභාගි වීම විශේෂත්වයකි.

"ගින්නෙන් උපන් සීතල"  චිත්‍රපටයේ විජේවීරගේ  චරිතයට පණ පොවන්නේ කමල් අද්දරආරච්චි  වන අතර  ජගත් මනුවර්ණ, සුලෝචනා වීරසිංහ, සුජීව ප්‍රියලාල්, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, ජෙහාන් ශ්‍රිකාන්ත් අප්පුහාමි, දිල්හානි ඒකනායක, දීපානි සිල්වා, ප්‍රසන්නජිත් අබේසුරිය, සුරාජ් මාපා, තුසිත ලක්නාත්, චන්ද්‍රසෝම බිංදුහේවා, හංසමාලා ජානකී, මංජුල මොරගහ, අංජන ප්‍රේමරත්න, බුද්ධික ජයරත්න, චින්තක කුලතුංග මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරති.

මෙම සිනමාපටය සිනෙප්‍රෝ ලංකා ඉදිරිපත් කිරීමකි.

 

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
"ගින්නෙන් උපන් සීතල" 18 වනදා සිට රිදී තිරයට..! | Lanka Newsweek