අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෑස් හිඟයට පිළියමක්

ගෑස් හිඟයට පිළියමක්

(හේමන්ත තුසිත කුමාර) මේ වන විට රටේ විදේශ විනිමය තත්ත්වය මත ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර සඳහා මෙරට බැංකුවලින් ඩොලර් ලබාගැනීමට ඇති අපහසුව හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත මෙරට ගෑස් හිඟයක්…

(හේමන්ත තුසිත කුමාර)

මේ වන විට රටේ විදේශ විනිමය තත්ත්වය මත ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර සඳහා මෙරට බැංකුවලින් ඩොලර් ලබාගැනීමට ඇති අපහසුව හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත මෙරට ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අස්වාභාවික ලෙස වැඩි වී ඇති බවත් පසුගිය වසර පුරාම ලංකාවට ගෑස් ආනයනය කර පිරිවැයට වඩා අඩුවෙන් විකිණූ බවත් ඔහු පැවසීය.

මේ අවස්ථාවේදී ලාෆ් ගෑස් පාරිභෝගිකයින් අලුතින් ලිට්‍රෝ ගත යුතු නැති බවත්  ලාෆ් ගෑස් සමාගම මුහුණපා ඇති ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි සතියේදී  මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර යම් කිසි ක්‍රමවේදයක් සකසන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෑස් හිඟයට පිළියමක් | Lanka Newsweek