අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක්

ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක්

"පාරිභෝගිකයා රැකීමට තිබෙන අධිකාරිය සමාගම් රකිනවා" විෂය භාර ඇමතිවරයා විහිළුවක් වෙලා රටේ තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරියක් ද, නොඑසේ නම් සමාගම් සේවා අධිකාරියක් දැයි යන ප්‍රශ්නය මතුව ඇතැයි විපක්ෂ නායක…

"පාරිභෝගිකයා රැකීමට තිබෙන අධිකාරිය සමාගම් රකිනවා"

විෂය භාර ඇමතිවරයා විහිළුවක් වෙලා  

රටේ තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරියක් ද, නොඑසේ නම් සමාගම් සේවා අධිකාරියක් දැයි යන ප්‍රශ්නය මතුව ඇතැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාරිභෝගිකයා රැක ගැනීමට තිබෙන පාරිභෝගික අධිකාරිය, ඒ ඒ සමාගම් රැක ගැනීමේ තත්ත්වයට පත්ව ඇති බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි. 

පාරිභෝගික සේවා කටයුතු අමාත්‍යවරයා පාරිභෝගිකයා අත හැර සමාගම් රකිමින් සමාගම් සේවා කටයුතු අමාත්‍යවරයෙකු බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුළු ආණ්ඩුවම එකතු වී රටේ ජනතාව අන්දවමින් සහ රට විනාශ කරමින් සිටින බව ද කියා සිටියේය. පැවසීය.

දැන්වීම

මේ වන විට ගෑස් ආශ්‍රිත පිපිරීම් 458 කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇතැයි ද, ඒ භයානක පිපිරීම්  සාමාන්‍ය පිපිරීම් බව අදාළ විෂය භාර අමාත්‍යවරයා පැවසීම හාස්‍යයක් බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සසුනට අරුණ සංකල්පය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට උඩ බැරගම පුණ්‍යවර්ධනාරාමස්ථ ශ්‍රී ඛේමානන්ද දහම් පාසලේ ඉදි කරනු ලැබූ දහම් පාසැල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් වන අතර එම අවස්ථාවට හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රධාන සංවිධායක සහ තිස්සමහාරාම සම සංවිධායක දකුණු පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායක තෙන්නකෝන් නිලමේ, අම්බලන්තොට සූරියවැව සංවිධායක ටී වී කේ ගාමිණී, ලුණුගම්වෙහෙටර සහ හම්බන්තොට කොට්ඨාස සම්බන්ධීකරණ ලේකම් රංග රංහොටි යන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න