අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ගැලරි දේශපාලනයෙන් ජාතික දේශපාලනයට එනු

ගැලරි දේශපාලනයෙන් ජාතික දේශපාලනයට එනු

"Uunited Youth" විපක්ෂ නායකගෙන් ඉල්ලයි ආගම සහ පාසල් දරු දැරියන් පටු දේශපාලනයට යොදා ගැනීම පිළිකුල් සහගතයි ගැලරි දේශපාලනයෙන් ඉවත්ව වර්තමානයට ගැලපෙන ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනයකට අවතීරණය වන ලෙස විපක්ෂ…

"Uunited Youth" විපක්ෂ නායකගෙන් ඉල්ලයි 

ආගම සහ පාසල් දරු දැරියන් පටු දේශපාලනයට යොදා ගැනීම පිළිකුල් සහගතයි 

ගැලරි දේශපාලනයෙන් ජාතික දේශපාලනයට එනු

ගැලරි දේශපාලනයෙන් ඉවත්ව වර්තමානයට ගැලපෙන ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනයකට අවතීරණය වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින්නේ යැයි "Uunited Youth" තරුණ බලවේගය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

"Yunited Youth" තරුණ බලවේගයේ සභාපති සුදත් චන්ද්‍රසේකර සහ එහි අධ්‍යක්ෂක ජනරාල් අසංක රත්නායක යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

දැන්වීම

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තවමත් සිදු කරමින් යන්නේ ගැලරි දේශපාලනයක් බවත්, ඉන් ඉවත්ව වර්තමානයට ගැලපෙන ජාතික සහ ජාත්‍යන්තර  දේශපාලනයක නියැලෙන ලෙස යුනයිටඩ් යූත් සන්විධානය එතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටුමු.

ආගම සහ අධ්‍යාපනය විශේෂයෙන් පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්, තම පටු දේශපාලන අරමුණු සදහා යොදා ගැනීම පිලිකුල් සහගතව අප සන්විධානය හෙලා දකිමු. දේශපාලනය ගැන හයක් හතරක් නොතේරෙන පාසැල් දරුවන්ට කොම්පියුටරක් ලබා දෙමින්, තවත් විටෙක සමහර පාසැල් වලට බස්රථ ලබා දෙමින් තම පක්ෂ දේශපාලනය පාසැල් තුල සිදු කිරිම තව දුරටත් නොකල යුතු නොහොඹිනා ක්‍රියාවකි.

ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා එසේ උපකරණ ලබාදිය යුතුව ඇත්නම් ඒ සියල්ල අධ්‍යාපන අමාත්‍යංශයට භාර දී අමාත්‍යංශයේ භාණ්ඩ ලැයිස්තුවට නිත්‍යණුකූලව ඇතුලත් කර, අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිසි ක්‍රමවේධයක් අණුව අවශ්‍ය පාසැල්වලට බෙදා හැරිය හැක. ඵවිට එම කොම්පියුටර් සහා අවශ්‍ය විදුලිය, අන්තර්ජාල පහසුකම් සහ අඵත්වැඩියා කටයුතු සදහා මුදල් වෙන් කිරීමද, ඒ සදහා සුදුසු ගුරුවරුන් යෙදවීමටද, අමාත්‍යංශයට හැකියාව ඇත.

එමෙන්ම බස් රථ සදහා අවශ්‍ය කරණු ලබන ඉන්ධන, රියදුරන්, නඩත්තු කටයුතු නිසි ක්‍රමවේධයක් යටතේ සිදු කිරීමට අමත්‍යංශයට හැකියාව ඇත. විදුහල්පතිවරුන්ට ද එසේ අමාත්‍යංශයේ නිසි අවසරයකින් තොරව බඩු භාණ්ඩ ලබා ගැනීමට සහ ළමුන් දේශපාලන කටයුතු සදහා යොදවා ගැනීමට හැකියාවක් නොමැති අතර එවැනි විදුහල්පතිවරුන්ට විරුද්ධව නිසි විනය පරීක්ෂණ සිදුකල යුතුය.  

අතීතයේදි පන්සල් වලට රුපියල් පනස්දාහක් ලබා දෙමින්, ආගම විකුණාගෙන තම දේශපාලන ව්‍යාපාරය ගෙනගිය බවත්, සමාජයෙන් පැන නැගුන විරෝධතා නිසා එම ව්‍යාපාරය නවතා දැමූ බවත්, දැන් පාසැල් ළමුන් ඒ සදහා යොදා ගන්නා බවත් අප සදහන් කරන්නෙමු.  

මෙම ගැලරි දේශපාලනයෙන් ඉවත්ව ප්‍රථිපත්තිමය දේශපාලනයකට යොමුවෙන මෙන් අප ඉතා ගෞරවයෙන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි,

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න