අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගැමියකු මැරූ පළියට ඉන්දුනීසියානුවන් කිඹුලන් 300ක් මරලා..!

ගැමියකු මැරූ පළියට ඉන්දුනීසියානුවන් කිඹුලන් 300ක් මරලා..!

කලහකාරී ගම් වැසියන් පිරිසක් ඉන්දුනීසියාවේ බටහිර පැපුවාහි පිහිටි රක්ෂිත භූමියක සිටි කිඹුලන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මරාදමා තිබේ. රක්ෂිත භූමියට ගිය ගම් වැසියෙක් කිඹුල් ප්‍රහාරයකින් මිය යාම හේතුවෙන්…

කලහකාරී ගම් වැසියන් පිරිසක් ඉන්දුනීසියාවේ බටහිර පැපුවාහි පිහිටි රක්ෂිත භූමියක සිටි කිඹුලන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මරාදමා තිබේ.

රක්ෂිත භූමියට ගිය ගම් වැසියෙක් කිඹුල් ප්‍රහාරයකින් මිය යාම හේතුවෙන් අනෙකුත් ගම්වැසියන් පිරිස මේ ක්‍රියාවට යොමු වී ඇති අතර මේ ප්‍රහාරය වැළක්වීමට නොහැකිවූ බව පොලිසිය ඇතුළු බලධාරීහූ පවසති. ඒ සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු බලධාරීන් රැසක් චෝදනාවට ලක්ව සිටිති.

ඉන්දුනීසියාවේ ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම් කර ඇති කිඹුලා මැරීම අපරාධයක් වන අතර, එරට නීතියට අනුව එසේ කළ පුද්ගලයෙකු දඩයකට හෝ සිර ගත කිරීමකට යටත්කළ හැකිය.

රක්ෂිතයේ අභිජනන කලාපයේ ආහාරය සඳහා අමුද්‍රව්‍ය රැස් කරමින් සිටියදී ගැමියා කිඹුලාගේ ප්‍රහාරයට ලක්වී ඇත."වැඩ කරන කෙනෙක්ට කවුරු හරි උදව් ඉල්ලා කෑ ගසන හඬ ඇසී තිබුණා. අපි ක්ෂණිකව ඒ දෙසට ගියා. එවිට කිඹුලෙක් පුද්ගලයාට පහර දෙනු දුටුවා" ඉන්දුනීසියාවේ ස්වභාවික සම්පත් සංරක්ෂණ ආයතනයේ, බටහිර පැපුවාහි ප්‍රධානියා පැවසීය.

ප්‍රකෝපවූ ගැමියෝ සෙනසුරාදා (14) පැවති අවමංගල්‍යයෙන් පසුව තියුණු ආයුධ ඇතිව රක්ෂිතයට ඇතුළුවූහ.නිලධාරීන් උපුටා දක්වන ඉන්දුනීසියානු මාධ්‍ය, කලහකාරී පිරිස මුලින්ම කිඹුල් ගොවිපලේ කාර්යාලයට පහර දුන් බවත් පසුව රක්ෂිතයේ සිටි සියලුම කිඹුලන් (292 ක්) ඝාතනය කළ බවත් වාර්තා කරයි.

ඉදුනීසියාවේ මෙම කිඹුල් ගොවි පොළ සංරක්ෂණ අරමුණු ඇතිව පවත්වා ගෙන යන කිඹුලන් බෝ කිරීමේ බලපත්‍ර සහිත මධ්‍යස්ථානයකි.

බී.බී.සී

-සිංහල සේවය-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගැමියකු මැරූ පළියට ඉන්දුනීසියානුවන් කිඹුලන් 300ක් මරලා..! | Lanka Newsweek