අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගැබිණියකට ජඩ මාධ්‍ය කළ අපහාසය ගැන සජිත්ගේ ස්ථාවරය මෙන්න

ගැබිණියකට ජඩ මාධ්‍ය කළ අපහාසය ගැන සජිත්ගේ ස්ථාවරය මෙන්න

20,000 ලබා දී-ඉන්ධන අඩු කරන සැලැස්ම මා සතුයි -සජිත්- නුවර පන්සල් දාහකට මිලියන දාහක් දුන්නා -කිරිඇල්ල- වසංගත මර්දනය සෞඛ්‍ය අංශවලට නොදී හමුදාවට දීම ලොකු අවුලක් -චම්පික- සමගි ජන බලවේගයේ නායක සජිත් සදුදා…

20,000 ලබා දී-ඉන්ධන අඩු කරන සැලැස්ම මා සතුයි -සජිත්-

නුවර පන්සල් දාහකට මිලියන දාහක් දුන්නා -කිරිඇල්ල-

වසංගත මර්දනය සෞඛ්‍ය අංශවලට නොදී හමුදාවට දීම ලොකු අවුලක් -චම්පික-

ගැබිණියකට ජඩ මාධ්‍ය කළ අපහාසය ගැන සජිත්ගේ ස්ථාවරය මෙන්න

සමගි ජන බලවේගයේ නායක සජිත් සදුදා ගෝල්ෆේස් හෝටලයේදි පුවත් පත් කර්තෘවරුන් හමුවූ අතර ඊට මද්දුම බණ්ඩාර, තිස්ස, එරාන් ඇතුළු පිරිසක් ද එක් වූහ. එහිදි සමගි ජන බලවේගයෙහි වැඩපිළිවෙල හා වත්මන් දේශපාලනය ගැන සජිත් පැහැදිලි කළේය.

"ඔබතුමා ඇයි සංවාදවලට නොයන්නේ." කර්තෘවරයෙක් විමසීය. 

දැන්වීම

"මම පක්ෂය සංවිධානය කරනවා, රට වටෙත් යනවා. රාජ්‍ය නායකයා එක්ක සංවාදයකට මම ලැහැස්තියි. මගේ කතා බොහෝ ජනමාධ්‍ය විකෘති කිරීම කණගාටුවක්." සජිත් පිළිතුරු දුන්නේය.
"රු. 20,000 ක් දෙන බව කිී විට ප්‍රහාර වැදීම ගැන මොකද කියන්නේ." තවත් පැනයක් නැගින. 

"මේ රටේ දෛනික අදායම ඩොලර් 1 ට අඩු 41% ක් ඉන්නවා. ඒ මිනිස්සු ජිවත් කළ යුතුයි. නැගිටින්න වෙර දරන ඔවුන්ටයි මම මේ මුදල යෝජනා කරන්නේ. ඒත් ආණ්ඩුව හා ජනමාධ්‍ය ගණන් හදන්නේ සමස්ත ජනතාවටම මේක දෙන විදියටයි. කරන්න බැරි කිසි දෙයක් මම කියන්නේ නැහැ." සජිත් ප්‍රේමදාස කීවේය.

එම සුහද කතා බහෙන් පසුව පිරිස උදෑසන භෝජන සංග්‍රහයක් භුක්ති වින්දෝය. අනතුරුව කාර්යාලයට ගිය සජිත් බස්නාහිර පළාතේ අපේක්ෂකයන් හමු වී මැතිවරණ මෙහෙයුමේ අඩුපාඩු සකසා ගනිමින් එය වඩාත් ආකර්ශනීය එකක් බවට පත් කිරීමට අදාළ සාකච්ඡාවකට එක්විය. අනතුරුව සියළු අපේක්ෂකයන් සදහා ප්‍රතිපාදන බෙදා දීමක් ද සිදු කෙරින.

සමගි වනිතා බලවේගයේ සමාරම්භය නෙළුම් රඟහලේ දී චාම් වුවත් උත්කර්ෂවත් ලෙස පැවැත්විනි. 

"එතනදී ජලනි  ප්‍රේමදාස සහ  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  අතර ගැටුමක් ඇති වූ බවට ප්‍රචාරයක් ගියා. ඒක වැරදියි. ගැබිණියක වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වේදිකාවට යෑම පහසු වන පරිදි අසුනක් පෙන්වීමයි ජලනි ප්‍රේමදාස කළේ. ඇතැම් ජනමාධ්‍ය එය විකෘති කිරීම ගැබිණි මවකට කළ අපහාසයක්." සජිත් ප්‍රේමදාස ඒ ගැන කීවේ එවැන්නකි.

ලගදී එළි දැක්වීමට නියමිතසමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අවසන් අධීක්ෂණය සජිත් ප්‍රේමදාස  සිදු කළේ කෝට්ටේ කාර්යාලයේදී ය. අවශ්‍ය වෙනස්කම් කිහිපයක් ද ඔහු යෝජනා කළ අතර එය මුද්‍රණය කොට නිවාසවලට බෙදීම සිදු කළ යුතු බවට ද මත පළ කෙරින. රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න. හරීන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් ද ඊට එක් වූහ.

සජිත් ප්‍රේමදාස කොළඹ දිස්ත්‍රික්කයේ මෙන්ම සබරගමුව හා මධ්‍යම පළාත්වල රැස්වීම් සඳහා පිටත් විය. බදාදා රාත්‍රියේ නුවර අර්ල්ස් රීජන්ට් හී දි ව්‍යාපාරික හමුවක් සංවිධානය කොට තිබුනේ ජාතික ලැයිස්තු අපේක්ෂක අර්ල් ගුණසේකරගේ මුලිකත්වයෙනි.

 පසුදා මධ්‍යම පළාතෙන් අනුරාධපුර හා පොළොන්නරුව රැස්වීම්වලට ගිය සජිත් ප්‍රේමදාසට සෙසු පළාත්වලදී මෙන්ම ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබින.

"මේ ආණ්ඩුවට පුළුවන් එකම දේ ජනතාවට සහන දීම හා රටේ ආර්ථිකය තැනීම මෙන්ම ලෝකයත් එක්ක සුහදව සිටීම නොව ජනතාවට උපරීම බර පටවා ආර්ථිකය විනාශ කිරීම හා ලෝකය තුළ හුදකලා කරවීමයි. අප ජයග්‍රහණය කළ විගස නැගී සිටින්නට වෙර දරන සියළු දෙනාට මසකට රුපියල් 20,000 ක් හිසට සෙවනක් හා ආණ්ඩුවේ කලු කඩය අහෝසි කොට ඉන්ධන සහනය ලබාදීමයි. කොරෝනා වළක්වන්න කියලා මම පාර්ලිමේන්තුවෙදි කිව්වහම ආණ්ඩුවේ සමහරු එදා අපහාස කළා. කොරෝනා ලංකාවට ආවේ අපේ මතය බැහැර කළ නිසයි. දැන් දෙවෙනි රැල්ලකුත් පටන් අරන් කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැහැ. මැතිවරණයට වඩා ජනතාව වටින නිසා මම කියන්නේ මැතිවරණය සති කිහිපයකට හෝ කල්දාමු කියලායි." සජිත් ප්‍රේමදාස රට පුරා කියන්නේ එවැන්නකි.

"මම නුවර දිසාවේ පන්සල් 1000 ක් හදන්න මිලියන 1000 ක් ලබාදුන්නා. පාරවල් හා යටිතල හැදුවා. කොරෝනා සංඛ්‍යා ලේඛන බොරු බව මම මීට මාස දෙකකට කලින් කිව්වා. අද ඒක සෞඛ්‍ය අංශයේ ඉහළම පිරිස් පවා තහවුරු කරනවා. කොරෝනා පළමු රැල්ල මර්ධනය කළේ ජනාධිපති බව අගමැති කිව්වා. සෞඛ්‍ය අංශ කළ කැපවීම හෑල්ලුවට ලක් කිරීමයි කළේ. දොස්තරලා හා හෙදියන්ගේ දීමනා කපලා කොරෝනා මර්ධනය කරන්න ආණ්ඩුව උත්සාහ කිරීම ලැජ්ජාවක්." ලක්ෂ්මන් කිරිඇල්ල මැතිවරණ මෙහෙයුමේදී මේ සතියේදි මතු කළේ එවැන්නකි.

චම්පික රණවකගේ මැතිවරණ මෙහෙයුම ද සමගි ජන බලවේගයට විශාල ශක්තියක් වී තිබේ. 

"කොරෝනා මඩින්න දොස්තරලා, හෙදියෝ හා සෞඛ්‍ය නිලධාරීන්ට මුල්තැන නොදී හමුදාවට බාරදීලා. හමුදාව යවන්න ඕනෑ යුද්දෙටයි, දොස්තරලා නර්ස්ලා යවලා යුද්ධ දිනන්න බෑ වගේම වසංගතයක් ජයගත හැක්කේ හමුදාවට නොව සෞඛ්‍ය අංශවලටයි කියන ප්‍රාථමික කරුණවත් මේ ආණ්ඩුවට තේරෙන්නේ නෑ. රටට කොරෝනා කැදවගත්ත මේ ආණ්ඩුව දෙවෙනි රැල්ලටත් පාර කැපුවේ සෞඛ්‍ය අංශවල නිර්දේශවලට පයින් ගහලායි. දින 70 ක් නිවාසවල හිරවෙලා ජනතාව කළ කැපවීම මේ ආණ්ඩුව තොණ්ඩමන්ගේ අවමගුල හා ඡන්ද රැලි හරහා විනාශ කළා." චම්පික රණවක ප්‍රකාශ කරන්නේ දැඩි ස්ථාවරයකිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ගැබිණියකට ජඩ මාධ්‍ය කළ අපහාසය ගැන සජිත්ගේ ස්ථාවරය මෙන්න | Lanka Newsweek