ගැටලු විසඳන්න නම් සාමූහිකව වැඩ කළ යුතුයි

රටක් ලෙස ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක සිට කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා…
රටක් ලෙස ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක සිට කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වූ විශේෂ සාකච්ඡාවක දී ය.
රටේ පවතින ආර්ථික සහ මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබු මෙම හමුවට රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නියෝජිතයෝ එක්ව සිටියහ.
දැන්වීම
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටක් ලෙස විශ්වාසය ගොඩනඟා ගැනීමට හැකිවීමෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා වඩා සාර්ථක කර ගැනීමට රජය සමත් වී ඇති බවය.
මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ ආර්ථිකය යහපත් තත්ත්වකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ දී එම තත්ත්වයේ වඩාත් ප්‍රගතියක් අත් කර ගත හැකි වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.