අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගාලු මුවදොර සංවර්ධනයට ජොන්ස්ටන් ප්‍රනාන්දු පියවර ගනී

ගාලු මුවදොර සංවර්ධනයට ජොන්ස්ටන් ප්‍රනාන්දු පියවර ගනී

විදුලියෙන් ආලෝකවත් කෙරේ-ආරක්ෂාව දැඩි කෙරේ ජනපතිගේ පාරිසරික සංකල්පයට ඇමතිගෙන් අතහිත (සුජිත් මංගල ද සිල්වා) ගාලු මුවදොර පිටියේ ඇවිදින මංතීරුවල සහ වෙරළ තීරය ආශ්‍රිතව පවතින අඳුරු ස්වභාවය දුරු කරමින් එම…

විදුලියෙන් ආලෝකවත් කෙරේ-ආරක්ෂාව දැඩි කෙරේ 

ජනපතිගේ පාරිසරික සංකල්පයට ඇමතිගෙන් අතහිත  

ගාලු මුවදොර සංවර්ධනයට ජොන්ස්ටන් ප්‍රනාන්දු පියවර ගනී

(සුජිත් මංගල ද සිල්වා)

ගාලු මුවදොර පිටියේ ඇවිදින මංතීරුවල සහ වෙරළ තීරය ආශ්‍රිතව පවතින අඳුරු ස්වභාවය දුරු කරමින් එම ප්‍රදේශය මනස්කාන්ත කිරීම සඳහා  ගාලු මුවදොර පිටිය විදුලි බුබුලු භාවිත කොට ආලෝකමත් කරන ලෙස වරාය,නාවික කටයුතු,මාර්ග සහ මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 

ඒ අනුව මේ පිළිබඳ සිය අවධානය යොමු කොට මාසයක් ඇතුළතදී  ආදළ කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශක සේවා සමාගම (SLMPCS) ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත දැනුම් දී ඇත.

සැමට සුන්දර රටක් නිර්මාණය කිරීමේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයට ප්‍ර‍මුඛත්වයක් ලබාදෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙම කටයුතු කඩිනම් කිරීම සඳහා අදාළ නිලධාරීන්ට මෙසේ උපදෙස් ලබාදී තිබේ. 

දැන්වීම

ඒ අනුව ගාලු මුවදොර පිටියේ ඇවිදින මංතීරු, වෙරළ තීරය සහ ගාලු මුවදොර පිටිය එහි පවතින සුළං ඇතුළු සියලු  සාධක සැලකිල්ලට ගනිමින් අදාළ ව්‍යාපෘතිය වඩාත් අලංකාරවත්ව,ප්‍රමිතියෙන් යුතුව වගේම කල්පවතින ලෙස මේ ව්‍යාපෘතිය  ක්‍රියාවට නැංවීමට නියමිත අතර මෙහිදී  සූර්ය පැනල මගින් ක්‍රියත්මක  වන වඩාත් පරිසර හිතකාමී විදුලි බුබුළු භාවිත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී තිබේ.
‍
විවේකය,විනෝදාස්වාදය සහ ශාරීරික සුවතා සඳහා විශාල ජනකායක් ගාලු මුවදොර පිටිය භාවිතා කරන නිසා එහි පාරිසරික සුන්දරත්වය, ආකර්ෂණීය භාවය,ආරක්ෂාව සහ සන්ද්‍යා කාලයේ ආලෝක තත්ත්වය පිළිබඳ  අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියි. 

ගාලු මුවදොර සංවර්ධනයට ජොන්ස්ටන් ප්‍රනාන්දු පියවර ගනී

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගාලු මුවදොර සංවර්ධනයට ජොන්ස්ටන් ප්‍රනාන්දු පියවර ගනී | Lanka Newsweek