අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගාල්ලේ ගංවතුරින් පුද්ගලයෙක් මරුට..!

ගාල්ලේ ගංවතුරින් පුද්ගලයෙක් මරුට..!

මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එක් පුද්ගලයෙකු ජලයේ ගසාගෙන ගොස් මියගොස් ඇති අතර පවුල් 131ක සාමාජිකයින් 8469 ක් පිඩාවට පත්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය…

මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන  ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එක් පුද්ගලයෙකු ජලයේ ගසාගෙන ගොස් මියගොස් ඇති අතර පවුල් 131ක සාමාජිකයින් 8469 ක්  පිඩාවට පත්ව ඇති බව  ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වඳුරඹ ඌරල ප්‍රදේශයේ පදිංචිව සිටි හැට එක් හැවිරිදි සිවු දරු පියෙකි. ඔහු ඊයේ (06) සවස වෙළඳ සලකට ගොස් එමින් සිටියදි ජලයේ ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇති අතර  මළ සිරුර අද (7)  දහවල් සොයා ගත් බව පොලීසය ප්‍රකාශ කර සිටි.

තවද පිඩාවට පත්වු ජනතාවට පිසූ ආහාර සහ වියලි ආහාර ලබා දිමට මේ වන විට  ප්‍රාදේශිය ලේකම්වරුන්  පියවර ගෙන ඇත.

අධික වර්ෂාව හේතුවෙන් නිවාස 6 කට පූර්ණ හානි  ද  නිවාස  244කට  අර්ධ  හානි ද  සිදුව ඇත. තවද ව්‍යාපාර ස්ථාන 52කටද හානි සිදුවී  ඇත.මේ අතර  අකුණු සැර වැදිමෙන් නිවාස 15කට හානි සිදුව තිබෙන බවද වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගාල්ලේ ගංවතුරින් පුද්ගලයෙක් මරුට..! | Lanka Newsweek