ගාර්මන්ට් මලික්ට එජාප පසු පෙළින් දැඩි ප්‍රහාරයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

එජාප අරමුදල් ගිලින “හොංකොං ගිණුම” ගැන ප්‍රශ්න කෙරේ..! අගමැති රනිල් ද නැති නම් මලික් ද..? ජනාධිපතවරණයට ලැබුණු සල්ලි කෝ..? ගාර්මන්ට් මලික්ගේ පැටිකිරිය ගැන එජාප පසු පෙළ කරන හෙළිදරව්ව මෙන්න..! (උපුල්…
එජාප අරමුදල් ගිලින “හොංකොං ගිණුම” ගැන ප්‍රශ්න කෙරේ..!
අගමැති රනිල් ද නැති නම් මලික් ද..?
ජනාධිපතවරණයට ලැබුණු සල්ලි කෝ..?
ගාර්මන්ට් මලික්ගේ පැටිකිරිය ගැන එජාප පසු පෙළ කරන හෙළිදරව්ව මෙන්න..!
(උපුල් බණ්ඩාර)
උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සියලු කරුණු සහිත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඔහු සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නා ලෙසට බල කර සිටීමට එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.
ඊට අමතර මලික් සමරවික්‍රම මහතාගේ ක්‍රියා කලාපය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට,නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ පාක්ෂිකයින්ට සිදුව ඇති විනාශය පිළිබඳව රටට ජනතාවට කරුණු හෙළිදරව් කර, ඔහු ඉලක්ක කර ගෙන දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කරමින් පාක්ෂිකයින් අතරින් ඔහුට එරෙහිව බලවේගයක් ගොඩනැගීමට ද එම මන්ත්‍රීවරු තීරණය කර සිටිති.
සෑම මැතිවරණයකදීම එක්සත් ජාතික පක්ෂයට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ආධාර මුදල් ලබා ගන්නා මලික් සමරවික්‍රම මහතා එම සියලු මුදල් හොංකොං හී පෞද්ගලික බැංකුවක පවත්වා ගෙන යන සිය ගිණුමට බැර කර ගන්නා බවට චෝදනා කර සිටින එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු එම මුදල් වහාම ඔහු පක්ෂ අරමුදලට භාර දිය යුතු යැයි ද අවධාරණය කර සිටිති.
2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුණු විදේශ ආධාර මුදල් සියල්ල මලික් සමරවික්‍රම මහතා බැර කර ගත්තේ සිය “හොංකොං ගිණුමට” බව ද එම මන්ත්‍රීවරු පෙන්වා දෙති.
මලික් සමරවික්‍රම මහතා සිය හැසිරීම සහ ක්‍රියා කලාපය නිවැරදි කර නොගතහොත් 2015 ජනාධිපතිවරණයේදී මේ ආධාර මුදල් ලබා ගැනීම සඳහා ඔහු හොංකොං ගියේ කවුරුන් සමග ද ආධාර වශයෙන් කොපමණ මුදලක් ලැබුණා ද සහ ඒ සල්ලිවලට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව ද ඔහුගේ අනෙකුත් කූට මුල්‍යමය සහ දේශපාලන ගනු දෙනු පිළිබඳව ද රටට කරුණු හෙළිදරව් කර ඔහු දේශපාලන වශයෙන් නිරුවත් කරන බව ද ඔවුහූ අනතුරු අඟවති කරති.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටී එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් “lankanewsweek” සමග මෙසේ පැවසූහ.
“මලික් සමරවික්‍රම මහතා ධනවතෙකු වී සිටින්නේ ඔහුගේ හැකියාවෙන්,දක්ෂතාවයෙන් හෝ උප්පත්තියෙන් ලැබුණු දායාදයක් නිසා හෝ නොව සෑම මැතිවරණයකදීම එක්සත් ජාතික පක්ෂයට ලැබෙන ආධාර මුදල්වලිනුයි.සෑම මැතිවරණයක් අවසානයේදීම මලික් සමරවික්‍රම මහතා අලුතින් ඇඟලුම් කම්හලක් ආරම්භ කරන බවට එදා සිටම ප්‍රසිද්ධ කතාවක් පවතින්නේ ඒ නිසයි.
මේ පුද්ගලයා සහ ඔහුගේ ක්‍රියා කලාපය එක්සත් ජාතික පක්ෂයට,නායකයාට සහ පාක්ෂිකයාට විශාල විනයක් වී තිබෙනවා.මොහු එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේත්,ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමගත් රටෙත් ආණ්ඩුවේත් ක්‍රියා කරන ආකාරය අනුව මේ රටේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා ද නැති නම් මලික් සමරවික්‍රම මහතා ද යන ප්‍රශ්නය අපට මතු වනවා.
කිසිම ජනතා පදනමක් නොමැති,ජනතාවගේ හද ගැස්ම,ප්‍රශ්න සහ අවශ්‍යතා ගැන අවබෝධයක් නොමැති පොදු ජන දේශපාලනය ගැන නොදන්නා මහ පොළවේ පය ගසා සිටීම වෙනුවට සඳළු තලයේ ජීවත් වෙමින් කූට මුල්‍යමය සහ දේශපාලන ගනු දෙනු පමණක් සිදු කරන මලික් සමරවික්‍රම එක්සත් ජාතික පක්ෂ දේශපාලනයෙන් ඈත් විය යුතු කාලය එළැඹ තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය සිය පෞද්ගලික බූදලයක් ලෙස පාවිච්චි කරමින් පක්ෂයත්, නායකයාත්,පාක්ෂිකයාත් විනාශ කිරීමට මලික් සමරවික්‍රමට අප තවදුරටත් ඉඩ තබන්නේ නැහැ.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ගණනාවකගේ සහ පසු පෙළ මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය අහිමි වී තිබෙන්නේ ද මොහුගේ ක්‍රියා කලාපය නිසයි.”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2