ගායන ශිල්පී දමිත් අසංක රිමාන්ඩ්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කුඩාඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ගායක දමිත් අසංක නමැති අය ඔක්තෝබර් මස 9 වැනි දින දක්වා රිමාන්ඞ් කරන්නැයි වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මහේෂ් වාකිස්ට මහතා ඊයේ (27) නියෝග කර ඇත. ඔහු මෙලෙස…
කුඩාඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ගායක දමිත් අසංක නමැති අය ඔක්තෝබර් මස 9 වැනි දින දක්වා රිමාන්ඞ් කරන්නැයි වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මහේෂ් වාකිස්ට මහතා ඊයේ (27) නියෝග කර ඇත.
ඔහු මෙලෙස ඇත අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ විහාරස්ථානයකින් සොරාගත් සිවුරක් පොරවාගෙන ගම පුරා ඇවිදින බවට ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමක් හා ගම්වාසීන් කුඩාඔය පොලිසියට කළ දැනුම් දීමකට අනුවය.
අත්අඩංගුවට ගත් ගායන ශිල්පී දමිත් අසංක විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත්කොට ඔක්තෝබර් 9 වන දින එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රභා දිසානායක මහතා පරීක්ෂණ පවත්වයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1