ගාමිණී සෙනරත්ගේ ලිට්‍රෝ වංචා නඩුව අලුත් මහාධිකරණයේ මුලටම..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

නඩු ප්‍රමාදවීම් මඟ හැරවීමේ අරමුණින් පිහිට වනු ලැබු ප‍්‍රථම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද ප‍්‍රථම නඩුව අනිද්දා (24) එම විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය. ලිට්රෝ ගෑස් සමාගමට අයත්…
නඩු ප්‍රමාදවීම් මඟ හැරවීමේ අරමුණින් පිහිට වනු ලැබු ප‍්‍රථම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද ප‍්‍රථම නඩුව අනිද්දා (24) එම විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය.
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් කෝටි 50ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ප‍්‍රථම නඩුව ලෙස විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය.
ත්‍රි පුදගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙහි නඩු විභාග කිරීමට නියමිතය.
විශේෂ මහාධිකරණයේ අධිකාරී පත‍්‍රය කොළඹ මහාධිකරණයේ ප‍්‍රධාන ලේඛාධිකාරී උපුල් නන්දන මහතාට බාරදුන් අතර ඒ අනුව හෙට(24) දින සිට මෙම අධිකරණයේ නඩු විභාග කිරීම සදහා නීතීමය අවසරය ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1