අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගාමිණී වැනි නායකයෙකුගේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ

ගාමිණී වැනි නායකයෙකුගේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ

නවීන්ගේ කර මත විශාල බරක් එජාපයේ බහුතරය නවීන් එක්කයි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනඟා ජයග්‍රහණය කරා මෙහෙය විය හැක්කේ දිවංගත ගාමිණී දිසානායක මහතා වැනි නායකයෙකුට පමණක් වන අතර එවැනි…

නවීන්ගේ කර මත විශාල බරක් 

එජාපයේ බහුතරය නවීන් එක්කයි 

ගාමිණී වැනි නායකයෙකුගේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ

(සුජිත් මංගල ද සිල්වා) 

එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනඟා ජයග්‍රහණය කරා මෙහෙය විය හැක්කේ දිවංගත ගාමිණී දිසානායක මහතා වැනි නායකයෙකුට පමණක් වන අතර එවැනි ඍජු නායකයෙකුගේ අවශ්‍යතාවය මේ වන විට ප්‍රබල ලෙස මතුව තිබෙන බව මහා සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් සේම පාක්ෂිකයෝ අවධාරණය කර සිටිති.

ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා වෙත වගකීමක් සහ දේශපාලන භූමිකාවක් පැවැරී තිබෙන අතර ඒ ඔහුට සිය පූර්ණ අනුග්‍රහය, ආශීර්වාදය සහ උපදෙස් ලබා දීමට සූදානම් බව ද ඔවුහූ කියා සිටිති.

මේ කණ්ඩායම මේ බව අවධාරණය කර සිටියේ, සත්‍ය ලෙසින්ම රටේ සෞභාග්‍යය පැතූ සේම රට සෞභාග්‍යමත් කිරීමට ඇප කැප වූ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ දිවංගත ගාමිණි දිසානායක මහතාගේ 26 වැනි ගුණ සමරු උත්සවයේ දී වන අතර එම ගුණ සමරු උත්සවය කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට පිහිටි එතුමාගේ පිළිරුව අභියසදීයි සෙනසුරාදා (24) පැවැත් විණ. 

දැන්වීම

පෙර රජ දවසට පසු මාතෘ භූමියට සැබෑ සෞභාග්‍යය උදා කරන්නට මහා වැලි නදිය යොදා ගත්තා සේම ඊට සමගාමීව තවත් වාරි ව්‍යාපෘතීන් රැසක් ඔස්සේ කෘෂිකර්මාන්තය දියුණු කර,  විදුලිය ද උත්පාදනය කරමින් රට ගොඩනගා ජනතාවට සහන සලසා රට-ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ ගාමිණී දිසානායක මහතා ජනතාවගේ සැබෑ ආදරය දිනා ගනිමින් රටේ ජනතාවටද ඊට නොදෙවනි ආදරයක් සහ ගෞරවයක් දැක්වූ නායකයෙකු වේ.

මීට අමතරව ශ්‍රේෂ්ඨ ජන නායකයෙකු ලෙස සිය නාමය ජන හදවත්වල නිදන් ගත කරමින් ජීවිතයෙන් සමු ගත් ගාමිණී දිසානායක මහතා සහ ඔහුගේ ජීවිතයට අති විශාල සෙනෙහසක් දක්වමින් ඔහුට පන්නරය ලබා දුන් ශ්‍රීමා දිසානායක මහත්මිය වෙනුවෙන් ඒ අය සිහිපත් කරමින් පිං පතා තුළ රඳවා නික්ම  කොළඹ, රාජගිරිය ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ දී ඉරිදා (25) මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමිණ.

මෙම අවස්ථා සඳහා හිටපු කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, වරුණි දිසානායක සහ වෛද්‍ය ලංකා ජයසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ගාමිණී වැනි නායකයෙකුගේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගාමිණී වැනි නායකයෙකුගේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ | Lanka Newsweek