ග්‍රාම නිලධාරීන් සඳහා කාර්යාල 14,000 ක්

(නිලන්ති මානෙල්) රාජ්‍ය සේවය වඩාත් කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් ග්‍රාම නිලධාරීන් සඳහා නිල සෙවණ කාර්යාල 14,000 ක් සියලු ග්‍රාමනිලධාරී කොට්ඨාශ ආවරණය කරමින් ඉදිකිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කොට…
(නිලන්ති මානෙල්)
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් ග්‍රාම නිලධාරීන් සඳහා නිල සෙවණ කාර්යාල 14,000 ක් සියලු ග්‍රාමනිලධාරී කොට්ඨාශ ආවරණය කරමින් ඉදිකිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කොට තිබේ.
මේ වන විටත් රුපියල් ලක්‍ෂ 20,000 ක් වැය කොට නිල සෙවණ කාර්යාල 1000 ක් ප්‍රථම අධියර යටතේ ඉදිකිරීමට පියවර ගැනේ.
දැන්වීම
මේ තුළින් ග්‍රාම නිලධාරීන්ට වඩාත් පහසුවෙන් සිය සේවාව ඉටු කිරීමට අවකාශ සැලසෙන අතර, ජනතාවට ග්‍රාම නිලධාරීවරයා පහසුවෙන් මුණගැසීමට නිශ්චිත ස්ථානයක් හිමිවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ග්‍රාම නිලධාරීන්ගේ සේවය වඩාත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය රජය හඳුනා ගත්තේ පසුගියදා සිදුවූ විවිධ ආපදා තත්ත්වයන් තුළයි. ග්‍රාමනිලධාරීන් විවිධ දුෂ්කරතා මධ්‍යයයේ ඉටු කරන මෙහෙවර අමාත්‍යංශය හඳුනා ගෙන ඇති බවත් ඔවුන්ගේ සේවයට ඇවැසි පහසුකම් තවදුරටත් දියුණු කිරීමට ලැප්ටොප් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාවට නංවා ඇති අතර, කාර්යාලයීය පහසුකම් වැඩි දියුණු කිරීමට තවදුරටත් ක්‍රියා කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.