ගලහ රෝහල නොසන්සුන්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මහනුවර ගලහ රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් මේ වන විට ඇති වී තිබේ. රෝහලට ඇතුළත් කළ පිරිමි දරුවකු මිය යෑමේ සිද්ධියක් මුල් කර ගෙන මෙම තත්වය ඇති වී තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මේ වන…
මහනුවර ගලහ රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් මේ වන විට ඇති වී තිබේ.
රෝහලට ඇතුළත් කළ පිරිමි දරුවකු මිය යෑමේ සිද්ධියක් මුල් කර ගෙන මෙම තත්වය ඇති වී තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විට පන්සියයකට අධික පිරිසක් රෝහල වට කර ඇති අතර මෙම පිරිස දැඩි නොසන්සුන්තාවයකින් පසු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. මීට අමතරව මෙම පිරිස රෝහලේ ගොඩනැගිලිවලට සහ වාහනවලටද අලභාහානි සිදු කරමින් සිටී.
ඒ හේතුවෙන් පිරිස පාලනය කිරීම සඳහාත් රෝහලේ ආරක්ෂාව සඳහාත් පොලිස් ආරක්ෂාව යොදා තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1