අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප

(නිලන්ති චන්ද්‍රසේන) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී මරණ තර්ජනය කර බැන වැදීමේ සිද්ධියට වරඳකරු වී රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ටි බොදුබල…

(නිලන්ති චන්ද්‍රසේන)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී මරණ තර්ජනය කර බැන වැදීමේ සිද්ධියට වරඳකරු වී  රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ටි  බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට   අද (22) දින ඇප ලබා දී ඇත.

ඒ අනුව ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි හෝමාගම  මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා අද (22) නියෝග කළේය.මිට අමතරව හිමියන්ට විදේශ ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරයා  ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකට දැනුම් දෙන ලෙසද නියෝගයක් දෙමින් කියා සිටියෙය්.

කෙසේ වෙතත්  ඥානසාර හිමියන් අධිකරණයට රැගෙනවිත් නොතිබුන බවද වාර්තා වේ.

ඥානසාර හිමියන්ට  විදෙස්ගමන්ද තහනම්  කළ මහෙස්ත්‍රාත්වරයා  ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකට දැනුම් දෙන්නැයිද නියෝග කළේය. කෙසේ වෙතත් ඥානසාර හිමියන්   අධිකරණයට රැගෙනවිත් සිටියේ නැත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප | Lanka Newsweek