ගම්මන්පිල චෝදනා කරන “ඉන්දු-ඇමරිකානු” කුමන්ත්‍රණකරුවා බැසිල් ද..?

විශ්වාස භංගය දේශපාලන පාරා වළල්ලක් වෙයි..! ඒකාබද්ධය දෙකඩ වෙයි-ශ්රීලනිපය අනාථ වෙයි..! විශ්වාස භංගය දේශපාලන උගුලක් ද..? (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ…
විශ්වාස භංගය දේශපාලන පාරා වළල්ලක් වෙයි..!
ඒකාබද්ධය දෙකඩ වෙයි-ශ්රීලනිපය අනාථ වෙයි..!
විශ්වාස භංගය දේශපාලන උගුලක් ද..?
(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව ඇතුළු ඉදිරි දේශපාලන උපාය උපක්‍රම සහ ඉලක්ක මත පදනම්ව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඒකාබද්ධ විපක්ෂය රටේ ගොඩනැගු ජාතික ව්‍යාපාරය ඉන්දියානු හෝ ඇමරිකානු න්‍යාය පත්‍රයට ගෙන යන්න කිසිවකු උත්සහ දරන්නේ නම් ඊට එරෙහිව දිවි පරදුවට තබා තීරණාත්මක සටනකට එළඹෙන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා “හිරු” රුපවාහිනී නාලිකාවේ “සලකුණ” වැඩ සටහනට එක්වෙමින් ඊයේ (21) රාත්‍රියේ කළ දැඩි ප්‍රකාශයෙන් ඒ බව මානව පැහැදිලිව වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
දැන්වීම
ඒකාබද්ධ විපක්ෂය බලය තහවුරු කර ගත් දවසක සිය පක්ෂය ඇතුළු මේ සටනේ සිටින පාර්ශවකරුවන්ට මන්ත්‍රී ධූර ඇතුළු වරප්‍රසාද නොදෙනු ඇතැයි කියා මේ ජාතික සටන අත නොහරින බව එහිදී අවධාරණය කළ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා බලය ලැබුණු පසු කිසිවකු බලයෙන් මත් වී ක්‍රියා නොකළ යුතු යැයි ද බලයෙන් මත් වී ක්‍රියා කළාම දේශපාලන වශයෙන් අත් වන ඉරණම සක් සුදක් සේ පැහැදිළි යැයි කියා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂය ද නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරයා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ද බැසිල් රාජපක්ෂ යනු එම පෙරමුණේ සාමාජිකයකු පමණක් යැයි ද උදය ගම්මන්පිල මහතා එහිදී අවධාරණයෙන් යුතුව කියා සිටියේය.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාගේ මේ ප්‍රකාශයත් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විට දෙබරයට ගල් ගැසුවා වගේ කැළඹී තිබෙන අතර ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ඔහු මේ ප්‍රකාශය කළේ බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විය හැකි බවයි.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් ව්ක්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ මුල සිටම උග්‍ර මත ගැටුමක් නිර්මාණය වී තිබිණ.
බැසිල් රාජපක්ෂ මහතා සමග සිටින ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණතුංග සහ නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම මුල සිටම දැරූ ස්ථාවරය වූයේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන්වලින් තොරව ඒ අයගේ කට වචනය පමණක් විශ්වාස කර මේ විශ්වාස භංග යෝජනාව භාර නොදිය යුතු බවය.
විශ්වාස භංග යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තුවේදී ලැබෙන ඡන්ද ප්‍රමාණය පිළිබඳ තක්සේරුව යම් හෙයකින් වැරදී ගොස් විශ්වාස භංගය එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කළොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වඩාත් ශක්තිමත් වන බව එම කණ්ඩායමේ ස්ථාවරය විය.
කෙසේ නමුත් ඉදිරි අනාගතයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය පිළිබඳව විශ්වාසය තබා සිටින උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ දැඩි ස්ථාවරය වූයේ මේ විශ්වාස භංග යෝජනාව කෙසේ හෝ ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීම ජාතික වගකීමක් බවය.
මේ තත්ත්වය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරහි විශ්වාසය තබා සිටින කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද බැසිල් රාජපක්ෂ මහතා සමග සිටින කණ්ඩායම අගමැති රනිල් ව්ක්‍රමසිංහ මහතාගේ ද අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රියා කරනවා ද යන ප්රශ්නය ක්ෂ්ද්‍ර දේශපාලන තලයේ මුල සිටම මතු වී තිබූ බව නම හෙළි නොකළ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විශේෂඥයෙක් “lankanewsweek” සමග පැවසීය.
කිනම් ආකාරයකින් තර්ක කළත් පාර්ලිමේන්තුවේ සංයුතිය,ඒ ඒ දේශපාලන පක්ෂවල මෙවැනි අභ්‍යන්තර තත්ත්වයන් සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වභාවය අනුව ඉදිරියේදී සිදු වනු ඇත්තේ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු මේ විශ්වාස භංගයෙන් ඔහුගේ විශ්වාසය භංග කිරීම වෙනුවට තහවුරු කිරීම යැයි ද ඔහු පෙන්වා දුන්නේය.
මේ විශ්වාස භංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂ අභ්‍යන්තරයේ පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගේම එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ ද අර්බුද ඇති කිරීමට හේතු වී ඇතැයි ද කෙසේ නමුත් මේ ක්‍රියාදාමයෙන් සිය දේශපාලන පක්ෂවල සිටින අයගේ අභ්‍යන්තරය හඳුනා ගැනීමට නායකයින්ට හැකි වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම රටේ උද්ගත වූ මේ දේශපාලන අර්බුදයේදී ඒ ඒ න්‍යාය පත්‍ර මත ඊට අදාළ සාධක වර්ධනය කරමින් හෝ මර්දනය කරමින් හෝ සමථයකට පත් කරමි හෝ මේ සමස්ථ ක්‍රියාවලිය පිටු පස ඇමරිකාව සහ ඉන්දියාව සිටි බව රහසක් නොවේ යැයි ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.