අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගම්පහ අත හැර රුවන් කොළඹට පනී..?

ගම්පහ අත හැර රුවන් කොළඹට පනී..?

සාගලටත් කොළඹ එන්න ඕනෑලු රුවන්ගේ නියත පරාජය "lankanewsweek" එදා කැට තබා කිව්වේ මෙහෙමයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහ දිස්ත්‍රික්කය අත හැර කොළඹ දිස්ත්‍රික්කයෙන් සිය…

සාගලටත් කොළඹ එන්න ඕනෑලු 

රුවන්ගේ නියත පරාජය "lankanewsweek" එදා කැට තබා කිව්වේ මෙහෙමයි 

ගම්පහ අත හැර රුවන් කොළඹට පනී..?

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහ දිස්ත්‍රික්කය අත හැර කොළඹ දිස්ත්‍රික්කයෙන් සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටියි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති සාගල රත්නායක මහතා ද මාතර දිස්ත්‍රික්කය අත හැර කොළඹ දිස්ත්‍රික්කයෙන් සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

දැන්වීම

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කළමණාකරු ජයරාජ් චන්ද්‍රසේකර මහතා සිය සමීපතම දේශපාලන සගයින් පිරසක් සමග කියා තිබෙන්නේ රුවන් විජයවර්ධන මහතා හෙට අනිද්දාම කොළඹ දිස්ත්‍රික්කයෙන් සිය දේශපාලන කටයුතු ආරම්භ කරනු ඇති අතර ගම්පහ දිස්ත්‍රිකයේ බියගම සහ කැළණිය යන ආසන සඳහා නව ආසන සංවිධායකයින් පත් කරන බවය.

රුවන් විජයවර්ධන මහතා ගම්පහ දිස්ත්‍රික්කය අත හැර මෙසේ කොළඹ දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ ඔහුට එරෙහි උග්‍ර ජනතා විරෝධය හේතුවෙන් වන අතර රුවන් විජයවර්ධන මහතාට එරෙහිව ගම්පහ දිස්ත්‍රික්කය පුරා පවතින ජනතා විරෝධයේ තරම, "රුවන් අනාථයි-ජනතා විරෝධය උග්‍රයි-හේතු මෙන්න" යන ශීර්ෂය යටතේ  2020-07-11 වැනිදා මුලින්ම හෙළිදරව් කළේ "lankanewsweek" ය.

එහිදී රුවන් විජයවර්ධන මහතා මහා මැතිවරණයෙන් අන්ත පරාජයකට පත් වන බව "lankanewsweek" සාක්කි-සාධක ඇතිව කැට තබා කියා සිටී අතර, http://lankanewsweek.com/news_view.php?news_id=5717&cat_id=4 යන දිගුවෙන් පාඨක ඔබට එම හෙළිදරව්ව කියවා අවබෝධ කර ගත හැකිය.

ගම්පහ අත හැර රුවන් කොළඹට පනී..?

ගම්පහ අත හැර රුවන් කොළඹට පනී..?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගම්පහ අත හැර රුවන් කොළඹට පනී..? | Lanka Newsweek