අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගජ මිතුරන්ට සහන දීලා රාජ්‍ය සේවකයාගේ වැටුප හිඟා කන ආණ්ඩුවක්..!

ගජ මිතුරන්ට සහන දීලා රාජ්‍ය සේවකයාගේ වැටුප හිඟා කන ආණ්ඩුවක්..!

ගජ මිතුරන්ට බදු සහන දුන් ආණ්ඩුව දැන් පරිප්පු, සීනි, හාල්වලින් එදා වේල හොයාගන්නා බවත් , සල්ලිවලට කෘෂි රසායන දෙන්නේ නැති ආණ්ඩුව, ගජමිතුරු වෙළෙන්දෝ පෝසත් කරන්න ගොවියාගේ බඩට ගහන බවත් සමගි ජන බලවේගයේ…

ගජ මිතුරන්ට බදු සහන දුන් ආණ්ඩුව දැන් පරිප්පු, සීනි, හාල්වලින් එදා වේල හොයාගන්නා බවත් , සල්ලිවලට කෘෂි රසායන දෙන්නේ නැති ආණ්ඩුව, ගජමිතුරු වෙළෙන්දෝ පෝසත් කරන්න ගොවියාගේ බඩට ගහන බවත් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී  කවිරත්න චෝදනා කර සිටින්නීය.

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී  කවිරත්න මේ බව පැවසුවේ බ්‍රහස්පතින්දා(26) පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් වන අතර එහි මෙසේද සඳහන්ව ඇත. 

රුපියල් 65 ට රටට ගොඩබාපු සීනි කිලෝව අද රු. 220 ට විකුණනවා.  රු. 84 ට තිබ්බ පරිප්පු අද, 240 යි. ඇමති කියනවා අසධාරණයි, හැබැයි කරන්න දෙයක් නෑ කියලා. බැංකු, මුල්‍ය ආයතන, ලැයිස්තුගත සමාගම්වල ගිණුම් වාර්තා පත්තරවල යනවා. ඔවුන්ගේ ලාභය දෙතුන් ගුණයකින් වැඩිවෙලා.  සිය ව්‍යාපාරික ගජ මිතුරන්ට ලාභ හොයන්න බදු සහන දුන් ආණ්ඩුව දැන් අන්ත දිළින්දන්ගේ බඩට ගහලා බදු සල්ලි හොයා ගන්න හදනවා.
 
මේ ආණ්ඩුව බලයට ඇවිත් 2019 නොවැ. 27 පළමු කැබිනට්ටුවේ, පළමු රැස්වීමේ දී කරපු පළමු වැඩේ ඡන්දෙට වියදම් කරපු ගජමිතුරන්නට බදු සහන ලබාදීමයි.  උපයන විට බද්ධ,  වැට් බද්ධ, ජාතිය ගොඩනැගිමේ බද්ධ. කොටස් වෙළෙඳපොල බද්ද ආදී එකි මෙකී හැම බද්ධක්ම අඩු කරලා භාණ්ඩාගාරයේ ආදායම රුපියල් බිලියන 500කට වැඩි ප්‍රමාණයකින් ආණ්ඩුව අඩු කර ගත්තා.

දැන්වීම

දැන් රජයේ සේවකයින්ගෙන්, පඩිය හිඟා කනවා.  දැන් රට කරන්න දිගට හරහට ආණ්ඩුව සල්ලි අච්චු ගහනවා.  අගෝස්තු 20 දවසට රු.බිලියන 29 ක් අච්චු ගැහුවා. අද මහ බැංකුව කියන්නේ සල්ලි අච්චු ගහන මැෂිමක්.  

මුදල් අමාත්‍යාංශයේ ලේකම් කරන්නේ මුද්‍රණාලයාධිපති ගේ වැඩේ.  මුදල් ලේකම් සල්ලි ඉල්ලලා ලියුම් ලියලා සල්ලි ඉල්ලලා, එයාම මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට වාඩි වෙලා සල්ලි අච්චු ගහන්න අවසර දෙනවා.
 
මුදල් රාජ්‍ය ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති කියනවා මුදල් අච්චු ගැහුවට බඩු මිල ඉහළ යන්නේ නෑ කියලා.  දැන් පලාත් සභාවට කතා කර කර කියනවා රට වහලා තිබ්බට කොහොම හරි මෝටර් රථ ප්‍රවාහනයේ ඇරලා සල්ලි ටික එකතු කරලා දෙන්න කියලා.  

මේ රටේ කවුරුත් ධනපතියන්ට බදු සහන දීලා සීනි, හාල්, පරිප්පු, ඖෂධ, ගෑස්, ඉන්ධන මිල ඉහළ දාන්න කිව්වේ නෑ.  කෘෂි රසායන ගෙන්වන්න මුදල් නැති කර ගන්න කිව්වේ නෑ. සෑම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයකම මිල දෙගුණයකට වැඩිය වැඩිවෙලා තියෙනවා.
 
මොන අවාසනාවන්ත කාලය ආවත් ගොවි බිම්වල කන්න එළවළු - පළතුරු ටික හැදුණා. දැන් කෘෂි රාසායන නැතිව වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.  දිලීර නාශක නැතිව උඩරට එළවළු වත්තේ කුණු වෙනවා.  ඒක කිව්වාම, ඡන්දෙට වියදම් කරපු ගජ මිතුරෙකුට කෘමිනාශක, දිලීර නාශක අලෙවියේ ඒකාධිකාරය දෙන්න හදනවා. ගොවියාට බීලා මැරෙන්නවත් අද වල් නාශකයක් නෑ.
 

සීනි ඒකාධිකාරය දිලා රු. 65 ට ගෙන්වපු සීනි දැන් රු. 220 ට කනවා.  මේ ආණ්ඩුව දුප්පතාගේ ඔළුවට පිස්තෝලේ නොතියා සේසතම පැහැර ගන්නවා.

පොහොර ටික, කෘෂි රසායන ටිකට සල්ලිවලට දෙන්න කැමති නැති ආණ්ඩුව කිරි පිටි වලට බදු සහන දුන්නා. දැන් ආණ්ඩුවට ආදායමත් නෑ. මිනිස්සුන්ට කිරි ත් දෙකම නෑ.  ගොවියාට කෘෂි රසායන ටික දුන්නා නම් රටට අල බතල ටික හදාගන්න තිබුණා. නිකං නෙවෙයි, සහන මිලට නොවෙයි, සල්ලිවලට වත් රටේ කෘෂි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගේන්න දෙන්නේ නැති ආණ්ඩුව කටින් රොකට් යවනවා.

අද මුදල් අමාත්‍යාංශය යාලුවන්ට බදු සහන දෙන දන්සලක් වෙලා. අලුත් මුදල් ඇමතිතුමා එනකොට හන්දි ගානේ කොඩි දාලා රතිඤ්ඤා පත්තු කරලා කවි ගී ලිව්වා.  නිදහසින් පස්සේ හිටපු මුදල් ඇමතිවරු, ජේ.ආර්., වන්නිනායක, ඇන්.එම්., ෆීලික්ස් ඩයස්, රෝනී ද මෙල්, චන්ද්‍රිකා, මංගල හත් දෙනාගේම මොළ හතම තියනවා කියලා බැනර් ගැහුවා.

දැන් ඩී.බී.විජේතුංග මුදල් ඇමතිතුමා කිව්වා කිව්වා මගේ ප්‍රතිපත්තිය ධනපතියාගෙන් අරං දුප්පතාට සහන දෙන එක කියලා. දැන් වෙන්නේ එකේ අනිත් පැත්ත. ධනපතියෝ කිව්ව ජේ.ආර්., ෆීලික්ස් ඩයස්, රෝනී, චන්ද්‍රිකා ලා වත් මෙහෙම කළේ නෑ.

වගා කරලා කාපු රටක් දැන් හිඟා කාලා කන තැනකට පත් වෙලා තියෙන එකෙන් මහා වැඩකාරයොන්ගේ මොළයේ ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන් යැයි ද රෝහිණී කවිරත්න නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ගජ මිතුරන්ට සහන දීලා රාජ්‍ය සේවකයාගේ වැටුප හිඟා කන ආණ්ඩුවක්..! | Lanka Newsweek