ගංවතුර පවතින ප්‍රදේශවල බෝවන රෝග වැඩි වේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර පවතින ප්‍රදේශවල බෝවන රෝග පැතිර යාමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ තත්වය පාලනය කිරීම සඳහා ආපදාවට ලක්ව…
(නිලන්ති චන්ද්‍රසේන)
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර පවතින ප්‍රදේශවල බෝවන රෝග පැතිර යාමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මේ තත්වය පාලනය කිරීම සඳහා ආපදාවට ලක්ව කඳවුරුගත වී සිටින පුද්ගලයින් සඳහා පිසූ ආහාර ලබා දිය යුතු එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටි. මෙයට අමතරව එම ප්‍රදේශ වලින් නෙළා ගන්න පළා වර්ග ආහාරයට ගැනීමෙන් වලකින ලෙසද ඒ මහතා මහජනතාවට දැනුම් දෙයි.
මේ වන විට එම ප්‍රදේශවල මහජන පරීක්ෂකවරුන් විසින් අපිරිසිදු ආහාර අළෙවි කරන්නන් සොයා වැටලීම් සිදුකරන බව ඔහු පැවසිය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1