ගංජා තොගයක් සමග කතක් මාට්ටු

(ජයකාන්ත ලියනගේ) ගංජා ග්‍රෑම් 1320 ක් ජාවාරම් කිරීම සදහා රැගෙන යමින් සිට්යදී මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකාරිය මුදල් රුපියල් දසදහසක් (10,000/-) සහ රුපියල් ලක්ෂ දෙකක (200,000/-)…
(ජයකාන්ත ලියනගේ)
ගංජා ග්‍රෑම් 1320 ක් ජාවාරම් කිරීම සදහා රැගෙන යමින් සිට්යදී මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකාරිය මුදල් රුපියල් දසදහසක් (10,000/-) සහ රුපියල් ලක්ෂ දෙකක (200,000/-) ශරීර ඇපයක් මත මුදාහැරීමට බළපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය බදාදා (13) නියෝග කළාය.
සිද්ධියට අදාලව මූලික සාක්ෂි හා සන්දේශය ගොනු කර තිබෙන බැවින් නීතිපති උපදෙස් සදහා නීතිපතිවරයා වෙත යවා තිබෙන ගොනුව සම්බන්ධයෙන් සොයා බලන ලෙසද මීටියාගොඩ පොලීසියට උපදෙස් ලබාදුන් මහේස්ත්රාත්තුමිය මීට අදාල නඩුව 2018 මාර්තු 22 වන දින නැවත කැදවන බවද දැනුම් දුන්නාය.
දැන්වීම
මෙසේ ඇපමත මුදාහරින ලද්දේ තිස්සමහාරාමයපාර, තණමල්විල ලිපිනයේ පදිංචි විදානපතිරණලාගේ සිරියලතා (38) නැමැති අයයි.
පොලිස් උපාය දුතයෙකු ලවා සැකකාරිය මගින් ගංජා ගෙන්වා ගැනීමට සලස්වා ගංජා තොගයද සමග මීටියාගොඩ පොලීසිය සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබේ. හික්කඩුව, කහව, මීටියාගොඩ ප්‍රදේශයන්හි ගංජා සිල්ලරට විකුණන අයට සැකකාරිය විසින් ගංජා රැගෙන විත් ලබාදෙන බවට පොලීසියට ලද තොරතුරක් මත සැකකාරියගේ බැංකු ගිණුමට රුපියල් 10,000/- ක මුදල් බැර කර ගංජා ගෙන්වා ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. පසුව ගංජා තොගය සැකකාරිය රැගෙන යමින් සිටියදී කහව හන්දියේදි අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය ගංජා ලබාගන්නා අය සම්බන්ධයෙන් හා ගංජා බෙදා හරින ප්‍රදේශ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බව මීටියාගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.