ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කරන්න ඉල්ලයි

(හේමන්ත තුසිත කුමාර) පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඛනිජ තෙල් මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් එහි සභාපති, නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසා සිටියි.ඒ මහතා මේ…
(හේමන්ත තුසිත කුමාර)
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඛනිජ තෙල් මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් එහි සභාපති, නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසා සිටියි.ඒ මහතා මේ බව කියා සිටියේ සඳුදා (11) පැවති මාධ්‍ය හමුවක දී ය.
පසුගිය අගෝස්තු මස 31 වනදා වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති අතර පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14.56ක් පාඩුවක් සහ ඩීසල්වලින් රුපියල් 31.46ක අලාභයක් ලබමින් සිටින බව ද ඒ මහතා පැවසීය. ඛනිජ තෙල් සංස්ථාව මෙවැනි අවස්ථාවක දී ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කල යුතු බැවින් ඒ පිළිබඳව රජයේ අවධානය යොමුකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ, පසුගිය මැයි මාසය වන විට පෙට්‍රල් මිල ඩොලර් 74ට තිබුණත් අද වන විට එය ඩොලර් 92 දක්වා බරපතළ මිල ඉහළ යෑමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන බවය.
එහෙත් ආණ්ඩුවට යම් සහනයක් ලබා දිය හැකි නම් මිල වැඩිකිරීමක් සිදු සිදු කිරීම අවශ්‍ය නොවන බවද ඒ මහතා තව දුරටත් අදහස් දක්වමින් පැවසීය.