අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඛනිජ තෙල් විරෝධතා කරුවන්ට වැඩ වරදියි

ඛනිජ තෙල් විරෝධතා කරුවන්ට වැඩ වරදියි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක රැස්වීම් පැවැත්වීම සඳහා ඉදිරියේ දී මානව සම්පත් සහ පාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බව සංස්ථාවේ මානව සම්පත් කළමනාකාරවරයා නියම කර තිබේ.…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක රැස්වීම් පැවැත්වීම සඳහා ඉදිරියේ දී මානව සම්පත් සහ පාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බව සංස්ථාවේ මානව සම්පත් කළමනාකාරවරයා නියම කර තිබේ.

සංස්ථාවේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යෑමේ දී සේවක රැස්වීම් පැවැත්වීම රාජකාරී වේලාවේ දී සාමූහිකව ඔබ මොබ යමින් රැස්වීම් පැවැත්වීම කාර්යාලයෙන් කාර්යාලයට රාජකාරි නොවන කටයුතු සඳහා යාම සම්පූර්ණ තහනම් බව ඔහු සදහන් කර ඇත.

සාමූහික සහ කුඩා කණ්ඩායම් රැස්වීම හේතුවෙන් රාජකාරියට බාධාවක් වෙනවා නම් අංශ ප්‍රධානියා විසින් ඒ බව ආරක්ෂක අංශයට දැනුම් දිය යුතු බව ද ඔහු සඳහන් කරයි.

දැන්වීම

හදිසි රැස්වීම් විසිර වීමට ආරක්ෂක අංශයට බලතල ඇත. ආරක්ෂක අංශයට එම රැස්වීම් පාලනය කළ නොහැකි නම් පොලිස් ස්ථානය දැනුවත් කර අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගත යුතු බව ද ඔහු සඳහන් කරයි.

ඛනිජ තෙල් නිෂ්පාදනය ඉන්ධන සැපයීම සහ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඛනිජ තෙල් විරෝධතා කරුවන්ට වැඩ වරදියි | Lanka Newsweek