අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කෝප් වාර්තා අවදානයට ලක් නොවීම මහා පාපකර්මයක්

ව්‍යවස්ථා විවාදයට අය- වැයෙන් පසුවත් කාලය දෙන්න කතානායක පියවරගනී.

(උපුල් බණ්ඩාර ) රජයේ ආයතනවල සිදු වී ඇති වංචා දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳපොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ රජයේ ගිණුම් කාරක සභාව අවුරුදු ගණනාවක් මුළුල්ලේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට…

(උපුල් බණ්ඩාර )

රජයේ ආයතනවල සිදු වී ඇති වංචා දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳපොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ  රජයේ ගිණුම් කාරක සභාව අවුරුදු ගණනාවක් මුළුල්ලේ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති වාර්තා පිලිබදව කිසිදු නිරීක්ෂණයක් සිදු නොවීම  මහා පාපකර්මයක් බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී  කළ විශේෂ  සාකච්චාවකදී ප්‍රකාශ කොට තිබේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව  අදාල කමිටු වාර්තා සදහා ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම භාණ්ඩාගාරයට පැවරිය යුතු බවද එහිදී කතානායක කරු ජයසූරියමහතා පෙන්වාදී තිබේ.

මෙම සාකච්චාවට මුදල් අමාත්‍යවරයා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ,පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ,රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, අතිරේක විගණකාධිපති සහ නිතිපති ද සහභාගී වී ඇත .

මහින්ද රාජපක්ෂ පාලන සමයේ  මැති ඇමතිවරුන් සහ නිලධාරීන් සිදු කළ මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂම සිද්ධීන් ගණනාවක්  විමර්ශනය කොට ඊට අදාළව සකස් කර ඇති  විශේෂ වාර්තා 17ක් ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට නියමිත අතර ඊට අමතරව කොමිසමේ අවසන් වාර්තාව අවසන් අදියරට පැමිණි ඇති බවද එම කොමිසම පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කෝප් වාර්තා අවදානයට ලක් නොවීම මහා පාපකර්මයක් | Lanka Newsweek