අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කෝටි 35ක් වටිනා Fairway නිවස විපක්ෂ නායකගේ ද..?

කෝටි 35ක් වටිනා Fairway නිවස විපක්ෂ නායකගේ ද..?

කෝටි ගණනක් දී හර්ෂ ද සිල්වා "The Elements" හී නිවසක් ගත්තේ කෙසේද..? "Altair" හී නිවස හරීන් ප්‍රනාන්දුගේ..! පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප ලක්ෂ 2යි ලක්ෂ දෙකකින් කෝටි ගණන් දේපොළ මිල දී ගන්නේ…

කෝටි ගණනක් දී හර්ෂ ද සිල්වා "The Elements" හී නිවසක් ගත්තේ කෙසේද..?

 "Altair" හී නිවස හරීන් ප්‍රනාන්දුගේ..!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප ලක්ෂ 2යි 

ලක්ෂ දෙකකින් කෝටි ගණන් දේපොළ මිල දී ගන්නේ කෙසේද..?   

කෝටි 35ක් වටිනා Fairway නිවස විපක්ෂ නායකගේ ද..?

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, බුත්ගමුවේ පිහිටි "Fairway Residencies" නිවාස සංකීර්ණයට අයත් 10 වැනි තට්ටුවේ පිහිටි අති සුඛෝපභෝගී තෙමහල් නිවසක් මේ දිනවල ලහි ලහියේ ප්‍රතිසංස්කරණය කරමින් තිබේ.

රුපියල් කෝටි 35ක් දී මිල දී ගෙන තිබෙන මේ අති සුඛෝපභෝගී තෙමහල් නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කරමින් ඊට උපදෙස් ලබා දෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන ජලනි ප්‍රේමදාස මහත්මිය සහ ඇයගේ මව වන බවට තොරතුරු වාර්තා වේ. 

දැන්වීම

රුපියල් කෝටි 35ක් වටිනා මෙම නිවස සහ එහි සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම ස්ථානයට පැමිණ ඇති අතර අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා උපදෙස් ද ලබා දී තිබේ. 

"Fairway Residencies" නිවාස සංකීර්ණයේ අභ්‍යන්තර ආරංචි මාර්ග "lankanewsweek" සමග අනාවරණය කර සිටියේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස මහත්මිය ළඟදීම මෙම අති සුඛෝපභෝගී තෙමහල් නිවසේ පදිංචියට එනු ඇති බවය.

මේ අතර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට අයත් අති සුඛෝපභෝගී කොළඹ "The Elements" නිවාස සංකීරණයේ ද, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍ හරීන් ප්‍රනාන්දු මහතාට අයත් ඇති සුඛෝපභෝගී නිවසක් කොළඹ "Altair" නිවාස සංකීරණයේ ද තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

සියලු දීමනා සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ දෙකක් පමණ වන අතර එම වැටුපෙන් රුපියල් කෝටි ගණන් වටිනා මෙවැනි දේපොළ මිල දී ගන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු වන බව දේශපාලන විචාරකයෝ පවසති.     

කෝටි 35ක් වටිනා Fairway නිවස විපක්ෂ නායකගේ ද..?

කෝටි 35ක් වටිනා Fairway නිවස විපක්ෂ නායකගේ ද..?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කෝටි 35ක් වටිනා Fairway නිවස විපක්ෂ නායකගේ ද..? | Lanka Newsweek