අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කෝට්ටේ වැඩ බැරි ටාසන්ගේ එජාපයට එරෙහි කුමන්ත්‍රණය මෙන්න..!

කෝට්ටේ වැඩ බැරි ටාසන්ගේ එජාපයට එරෙහි කුමන්ත්‍රණය මෙන්න..!

කෝට්ටෙන් එජාපය අතුගා දැමීම අරමුණයි මන්ත්‍රී ධුරය ලක්ෂ පහකට විකිණීමට යයි පසුගිය 22 වැනිදා දහවල් එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සාභාපති සාගල රත්නායකගේ දුරකතනය නාද විය. ඇමැතුමෙන් කියැ වුණේ කෝට්ටේ මහ නගර…

කෝට්ටෙන් එජාපය අතුගා දැමීම අරමුණයි 

මන්ත්‍රී ධුරය ලක්ෂ පහකට විකිණීමට යයි

කෝට්ටේ වැඩ බැරි ටාසන්ගේ එජාපයට එරෙහි කුමන්ත්‍රණය මෙන්න..!

පසුගිය 22 වැනිදා දහවල් එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සාභාපති සාගල රත්නායකගේ දුරකතනය නාද විය. ඇමැතුමෙන් කියැ වුණේ කෝට්ටේ මහ නගර සභාවේ එදින පැවැති කමිටු රැස්වීමේදී එජාපයට එල්ලවූ චෝදනාවක් පිළිබඳයි.

"බලන්න ඇමැතිතුමා අපේ මේ පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය තාමත් ෆිල් කළේ නැති නිසා අදත් කමිටු රැස්වීම කර ගන්න බැරි වුණා. හැම මන්ත්‍රිවරයෙක්ම අපිට චෝදනා කරනවා දවසින් දෙකෙන් පුරවන්න පුළුවන් පුරප්පාඩුව දැන් මාසෙකටත් වඩා තියා ගෙන ඉන්නේ අපි මේ මනත්‍රි ධුරය ලක්ෂපහකට විකුණන්න යන නිසා කියලා. දැන් නාගරික කොමසාරිස්තුමී මැතිවරණ කොමිසමට දන්වන්න යනවා ඊළඟට ලිස්ට් එකේ ඉන්න කෙනා නම් කරලා එවන්න කියලා. එහෙම වුණොත් නම් වෙන්නේ මාර ලෙඩක්. ඊළගට ඉන්නේ අපෙන් ඡන්දේ ඉල්ලලා සජබෙට ගිය කෙනෙක්ද කියලා කවුද දන්නේ. ඒ නිසා ඉක්මනින්ම අපි නම් කරපු කෙනා පත් කරලා එවන්න කියලා නායකතුමාට කියන්නකෝ ඇමැතිතුමා" 

දැන්වීම

ඒ ඇමතුමෙන් පසු සාගල රත්නායක වහාම පක්ෂ මහ ලේකම් රංගේ බණ්ඩාරට ඇමැතුමක් ලබා ගෙන මේ කාරණාව පිළිබඳ විමසීය. "ඔව්...ඔතැන ඔහොම ප්‍රශ්නයක් තියෙනවා තමයි. නමුත් කොමසාරිස්වරියට එහෙම ඉල්ලීමක් කරන්න බෑ. මේ පත් කිරීම කරන්න අපි ලබන 8 වැනිදා වෙනකම් මැතිවරණ කොමිසමෙන් කල් ඉල්ල ගෙන තියෙන්නේ" යනුවෙන් මහ ලේකම් සාගල රත්නායකට පවසා ඇත.

කෝට්ටේ මහ නගර සභාවේ මන්ත්‍රි ධුරයක් නිසා ඇති වී ඇති අර්බුධය පිළිබඳ පසුගිය 2 වැනිදා පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සිරිකොතදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැනුවත් කර ඇත. එහිදී රනිල් වික්‍රමසිංහ රුවන් විජයවර්ධනට උපදෙස් දී ඇත්තේ මේ වන විට කෝට්ටේ නාගරික මන්ත්‍රිවරුන් නම් කර ඇති පුද්ගලයාගේ නම මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලෙස කෝට්ටේ සංවිධායකවරයාට දැනුම් දෙන ලෙසයි.

ආරංචිමාර්ග පවසන පරිදි කෝට්ටේ නාගරික මන්ත්‍රී ධුරය ලක්ෂ පහකට විකිණීමට සූදානම්ව ඇතැයි චෝදනා ලබා ඇත්තේ මෙම සංවිධායකවරයායි. කෝට්ටේ නාගරික මන්ත්‍රීවරුන් විසින් නම් කර ඇති පුද්ගලයාට මෙම සංවිධායකවරයා පවසා ඇත්තේ ඔහු කිසිසේත්ම හිඟන්නෙකුට මෙම මන්ත්‍රි ධුරය ලබා ගැනීමට ඉඩ නොදෙන බවයි. 

"මම පත් කරන්නේ මට ඕන කෙනා. මේකේ ඉන්න මන්ත්‍රීලාට ඕන කෙනා මම පත් කරන්නේ නෑ. පුළුවන්නම් මන්ත්‍රීලා කියන කෙනා පත් කරලා පෙන්නන්න" යනුවෙන් කෝට්ටේ සංවිධායකවරයා අභියෝග කර ඇති බව ද වාර්තාවේ.

මේ පුද්ගලයා   අගනුවරින් එජාපය අතුගා දැමීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට කෝට්ටේ ජනතාව චෝදනා කරති. මේ වන විට සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කරන ශිරාල් ලක්තිලකගේ සමීපතමයකු ලෙස සැලකෙන මොහු ශිරාල් ලක්තිලක ආසන සංවිධායක ධුරය දරන අවදියේදී ඔහුගේ නීති ලේකම් ලෙස කටයුතු කළ අයෙකි. 

හර්ෂද සිල්වා සජබ හා එක් වූ විට පුරප්පාඩු වූ සංවිධායක ධුරය සදහා වැඩ බැලීමට මේ පුද්ගලයා පත් කර ඇති බව ඔහුම කියන නමුදු මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කෝට්ටේ බිම් මට්ටමේ දේශපාලනඥයින් ද මේ තාක් දැනුම්වත් කර නැති බව පැවසේ. වැඩ ආරම්භ කරන පළමු දිනයේදී, "මම බෙන්තර ගඟෙන් එහා ඉපදුණ එකෙක්. මම මාතර. මගෙත් එක්ක සෙල්ලම් බෑ" යනුවෙන් තවුසන් ටෝක් දී මෙම පුද්ගලයා වැඩ පටන් ගත්ත ද අද වන විට මොහු වැඩ බැරි ටාසන් කෙනකු බව කෝට්ටේ ජනතාවට වැටහී ඇත. 

පසුගිය දා පක්ෂ නායකයාගේ නියෝග මත කොට්ඨාස සංවිධායකයන් රැස් කර ඇති මේ පුද්ගලයා එකී රැස්වීමට කොට්ටේ ආසනේවත් පදිංචි නැති පුද්ගලයන්ද කොට්ඨාස සංවිධායකවරුන් ලෙස කැඳවා ගෙන විත් පක්ෂ නායකත්වය රවටා ඇති බව කියවේ. 

කොට්ටේ හතරමායිමවත් දන්නේ නැති මේ වැඩ බැරි ටාසන් සමග කෝට්ටේ ගොඩදාන්නේ කෙලෙසදැයි කෝට්ටේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ විමසති. මේ වන විට සජබ සමග එක්වී ඇති හර්ෂ ද සිල්වා සමග හැප්පෙන්නට පුළුවන් කොන්ද පණ තියෙන මිනිහෙක් මිස කයිවාරු කාරයකුගෙන් තමන්ට පලක් නැති බව කෝට්ටේ ජනතාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට හෙට අනිද්දාම මුණ ගැසී තේරුම් කිරීමට සූදානම් වන බවද වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
කෝට්ටේ වැඩ බැරි ටාසන්ගේ එජාපයට එරෙහි කුමන්ත්‍රණය මෙන්න..! | Lanka Newsweek