අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

කොළඹ වාහන තදබදය අවම කිරීමට ජොනීගෙන් පියවර

කොළඹ වාහන තදබදය අවම කිරීමට ජොනීගෙන් පියවර

නව ගුවන් පාලම් 3ක් ඉදි කෙරේ ඇස්තම්නේතු ගත පිරිවැය බිලියන හයයි (සුජිත් මංගල ද සිල්වා) කොළඹ නගරයේ සහ ඒ ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස කොළඹ, කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම් 3ක් ඉදි කිරීමට මහා…

නව ගුවන් පාලම් 3ක් ඉදි කෙරේ

ඇස්තම්නේතු ගත පිරිවැය බිලියන හයයි 

කොළඹ වාහන තදබදය අවම කිරීමට ජොනීගෙන් පියවර

(සුජිත් මංගල ද සිල්වා)   

කොළඹ නගරයේ සහ ඒ ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස කොළඹ, කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම් 3ක් ඉදි කිරීමට මහා මාර්ග අමාත්‍යංශය තීරණය කර තිබේ.

කොළඹ වැඩි මාර්ග තදබදයක් පවතින්නේ කොම්පඤ්ඤ වීදිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වන බවට විශේෂ අධ්‍යනයක් මගීන් හදුනා ගෙන ඇති බව පෙන්වා දෙන මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ හේතුවෙන් කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල දිනකට පැය 4ක පමණ මාර්ග තදබදයක් ඇති වන අතර දිනකට 109 වතාවක් දුම්රිය ආරක්ෂිත දොරටු වසා දැමීමක් සිදු වන බව ද සඳහන් කර සිටියි.

දැන්වීම

මේ අනුව මෙම මාර්ග තදබදය අවම කිරිම සදහා මීටර් 420ක දිගින් යුතු ගුවන් පාලම් දෙකක් කොළඹ, කොම්පඤ්ඤ වීදියේ උත්තරානන්ද මාවත සහ ජස්ටිස් අක්බාර් මාවත හරහා ඉදිකිරිමට යෝජනා වී ඇති අතර බාලදක්ෂ මාවත හරහා ඉදි වන ගුවන් පාලමේ දිග මීටර 350කි. 

මෙම ගුවන් පාලම් ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 6ක පමණ මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා තිබෙන බව ද විෂය භාර අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ප්‍රධාන නගරවල පවතින අධික මාර්ග තදබදය නිසා රාජකාරි කටයුතු සදහා ගමන් කරන නිලධාරින් ප්‍රධාන සියලු සේවක සේවිකාවන්ගේ මිනිස් ශ්‍රමය ද, වාහන එකම ස්ථානයේ විශාල කාලයක් නවතා ගෙන සිටීමට සිදු වීම නිසා ඉන්ධන ද, විශාල වශයෙන් අපතේ යන අතර ඒ හේතුවෙන් ජාතික ආර්ථිකයට විශාල අලාභයක් සහ හානියක් සිදු වන බව ද ජොන්සටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න