අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොළඹ රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට

කොළඹ රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට

නියමිත කාලයටත් කලින් වැඩ අවසන් මාදුළුවාවේ සෝභිත හිමි නමින් පාලම නම් කෙරේ..! (සුජිත් මංගල ද සිල්වා ) කොළඹ රාජගිරිය නව ගුවන් පාලම අද (08) උදැසන යේදී තිබුණු සුභ මොහොතින් උත්සවාකාරයෙන් යුතුව ජනාධිපති…

නියමිත කාලයටත් කලින් වැඩ අවසන්

මාදුළුවාවේ සෝභිත හිමි නමින් පාලම නම් කෙරේ..!

 

(සුජිත් මංගල ද සිල්වා )

කොළඹ රාජගිරිය නව ගුවන් පාලම අද (08) උදැසන යේදී තිබුණු සුභ මොහොතින් උත්සවාකාරයෙන් යුතුව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණ.

මේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ සභා නායක සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.

දැන්වීම

යහ පාලන ජාතික රජයට තෙවසරක් සපිරෙන මොහොතේම මේ ගුවන් පාලම වැඩ අවසන් කර ජනතා අයිතියට පැවරීමට හැකිවීම ජයග්‍රහණයක් වගේම සුභ ලකුණක් බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

2016 වසරේ අපි‍්‍රයෙල් මස 19 වැනිදා  ඉදිකිරීම් ආරම්භ කළ කොළඹ  රාජගිරිය ගුවන් පාලමේ වැඩ කටයුතු  මාස 32ක් ඇතුළත අවසන් කිරීමට යෝජනා වී තිබූ නමුත් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ  අධීක්ෂණය සහ  මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යක්ෂමතාවයත මත මාස 20 ක් වැනි කෙටි කාලයක් ඇතුළතදී සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් අවසන් කිරීමට හැකියාව ලැබී ඇත.

කොළඹ රාජගිරිය ගුවන් පාලම, ශ‍්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ දීර්ඝතම ගුවන් පාලම වන අතර අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත නා හිමියන්ට කරන උපහාරයක් වශයෙන් එම පාලම උන්වහන්සේගේ නමින් නම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය

මීටර 533ක දිගකකින් යුතු මේ  ගුවන් පාළම ඉදි කිරීම සඳහා  රුපියල් මිලියන  4,514.77ක් වැය කර අති අතර  මංතීරු හතරකින් යුතුව නිර්මාණය කර ඇති පාළමට මීටර 180 ක පිවිසුම් මාර්ගයක් සහ  සමාන්තර පදික වේදිකා දෙකක් ද අන්තර්ගතව ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොළඹ රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට | Lanka Newsweek