අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොළඹ මහනගර සභාවේ බලය සාගල ජවිපෙට අරන් දෙයි..?

කොළඹ මහනගර සභාවේ බලය සාගල ජවිපෙට අරන් දෙයි..?

කොළඹ මහ නගර සභාවේ බලය npp එකට..! NPP එකට බලය පිහිටවීමට උදව් කල මහ මොලකරු සාගල රත්නායක..! (අචින්ත මධුර) මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ කොළඹ මහ නගර සභාවේ බලය අද පෙරවරුවේ npp එක විසින් පිහිටුවීමට නියමිතව…

කොළඹ මහ නගර සභාවේ බලය npp එකට..!

NPP එකට බලය පිහිටවීමට උදව් කල මහ මොලකරු සාගල රත්නායක..!

(අචින්ත මධුර) 

මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ කොළඹ මහ නගර සභාවේ බලය අද පෙරවරුවේ npp එක විසින් පිහිටුවීමට නියමිතව තිබෙනවා.

පසුගිය දා පැවති පළාත්සභා  මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට npp එකෙන් මන්ත්‍රීවරු 48 දෙනෙක් පත්වුණා. බහුතරය නියෝජනය කර තිබුණේ විපක්ෂයයි. බහුතර විපක්ෂය නගරාධිපති ධුරය සඳහා නම් යෝජනා කර තිබුනත් අවසන් මොහොතේ එය කඩාකප්පල් කිරීමට එක්සත් ජාතික පක්ෂ කටයුතු කර ඇති බවටයි තොරතුරු ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ සඳහා මූලිකත්වය ගැන කටයුතු කර තිබෙන්නේ සාගල රත්නායක. 

පසුගියදා විපක්ෂය යෝජනා කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නගරාධිපති ධුරය ලබාදීමටයි.
කෙසේ වෙතත් අවසන් මොහොතේ npp එකට සහාය යන ආකාරයෙන් කටයුතු කිරීමට සාගර රත්නායක කටයුතු කර තිබෙනවා.  ලැබෙන ආරංචි මාර්ගවලටට අනුව කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ අවස්ථාව එජාප ජාතික සංවිධායක සාගල රත්නායක විසින් අවසන් මොහොතේදී කඩාකප්පල් කර ඇතැයි ආරංචිමාර්ග පවසයි.

දැන්වීම

සාගලගේ නිවසේ අද (16) උදෑසන පැවති කොළඹ එජාප නාගරික මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී මුලින් එකඟ වී ඇත්තේ කිත්සිරි රාජපක්ෂට නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ය. කෙසේ වෙතත් අවසන් මොහොතේදී, නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා ඡන්ද විමසීම අද දවසේදී සිදුකිරීම හොඳ නැති බව ප්‍රකාශ කර ඇති සාගල රත්නායක, එම ඡන්ද විමසීම මීළඟ සභාවාරයේදී පැවැත්වීමට යෝජනා කළයුතු යැයි පවසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඔහු මෙසේ සිදුකර ඇත්තේ කිත්සිරි රාජපක්ෂට හිතවත් මන්ත්‍රී කණ්ඩායම අධෛර්යයට පත්කිරීමේ අරමුණින් යුතුව බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය. කෙසේ වෙතත් ලැබෙන ආරංචි මාර්ග වලට අනුව npp එකට සහාය පළ කරන අයුරින් ඩබල් ගේම් එකක් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොළඹ මහනගර සභාවේ බලය සාගල ජවිපෙට අරන් දෙයි..? | Lanka Newsweek