අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොළඹ බලය අල්ලන සටන විපක්ෂ නායක අරඹයි

කොළඹ බලය අල්ලන සටන විපක්ෂ නායක අරඹයි

කොළඹ වටේ කරක් ගසා කළ යුතු සංවර්ධනය ගැන සොයා බලයි පොඩි මිනිසුන් පිරිවරා ගෙන කොළඹට එයි අද වන විට රටේ ජනතාවට ජීවත් විය නොහැකි බවත් ජන ජීවිත කඩා වැටී ජීවනෝපාය අහිමි වී උද්ධමනය වැඩි වී බඩු මිල වැඩි වී ඇති…

කොළඹ වටේ කරක් ගසා කළ යුතු සංවර්ධනය ගැන සොයා බලයි 

පොඩි මිනිසුන් පිරිවරා ගෙන කොළඹට එයි 

කොළඹ බලය අල්ලන සටන විපක්ෂ නායක අරඹයි

අද වන විට රටේ ජනතාවට ජීවත් විය නොහැකි බවත් ජන ජීවිත කඩා වැටී ජීවනෝපාය අහිමි වී උද්ධමනය වැඩි වී බඩු මිල වැඩි වී ඇති බවත් හාල්-පොල්-කිරිපිටි මිල පවා ඉහළ ගොස් ඇති මොහොතක ලුණු ටිකවත් ලබා දෙන්න රජයට නොහැකි වී ඇති බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ජනතාව ජීවත් කරවිම, රැක ගැනීම සහ ආරක්ෂා කිරිම රජයක වගකීම බවත් රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීම වන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරවීම වුවත් මේ රජය යටතේ ජීවත් වීමේ අයිතිය පවා අහිමි වී ඇති බවත් කුසට අහරක් නොමැතිව ජනතාව අමාරුවෙන් දුෂ්කර ජීවිතයක් ගත කරන බවත් මේ දුෂ්කරතාවලට, අගහිඟකම්වලට, දුකට, කඳුළට සහ වේදනාවට මේ රජයට විසදුම් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, "ගමින් ගමට-නගරයෙන් නගරයට-උදාගමින් උදාගමට" යන වැඩ සටහන යටතේ කොළඹ,මාළිගාවත්ත නිවාස සංකීර්ණයේ ජනතාව සමග කොළඹ සහ රටේ පවතින අඩුපාඩු සහ අවශ්‍යතා සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවක දී ය.

දැන්වීම

IMF කොන්දේසි යැයි පවසා විදුලි බිල ළගදිම වැඩි කරන බවත් 25%-30% විදුලි බිල වැඩි වන බවත් රජය එකග වූ IMF කොන්දේසි අනුව එම වැඩි කිරීම කළත් වත්මන් ජනාධිපතිවරයා සහ රජය බිහි වූයේ IMF ගිවිසුම සංශෝධනය කරන බවට පම්පෝරි ගසමින් වුවත් බලයට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයාගේ IMF ගිවිසුම ඒ අනුවම අනුගමනය කිරීම නිසා ජනතාවගේ කර පිට අධික බරක් පටවා දැඩි පීඩනයක් ඇති කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ආණ්ඩුවට ජනතා ගැටලුවලට විසදුම් දෙන්න නොහැකි වී ඇති බවත් අතට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වී බඩු මිල වැඩි වී ඇති බවත් වැඩ බැරි ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට විසදුම් නොමැති බවත් මෙවැනි තත්ත්වයක් උඩ වග කිව යුතු විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. 

පළාත් පාලන ආයතනවල බලය විපක්ෂය අල්ලනු ඇතැයි බිය වී සිටින ආණ්ඩුව විපක්ෂයට තර්ජනය කරමින් විපක්ෂයේ සභා මාස 3-4ට සීමා කරන බවට පවසන බවත් රජය එසේ තර්ජනය කළත් හැකි සැම අවස්ථාවකම ජනතාව විපක්ෂයට වැඩි බලයක් ලබා දුන් තැන්වල බලය පිහිටු වන බවත් ජනතාව ශක්තිමත් කර වන සංවර්ධන යුගයක් ඒ හරහා නිර්මාණය කරන  බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපති තනතුර, ආණ්ඩු බලය, 2/3 ⁣සමගි ජන බලවේගයට නොමැති වුවත් ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දෙන්න උත්සාහ කරන බවත් මේ ගැටලුු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ඒ හරහා මේ ගැටලුවලට රජයේ අවධානය ලබා දෙන්න කටයුතු කරන බවත් ඊට අමතරව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ඉදිරිපත් කර කමිටුවලද අවදානය යොමු කර විසදුම් ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

බොහෝ පුද්ගලයන් මැතිවරණ සමයේ පැමිණ බොරැ පොරොන්දු ලබා දී මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු ඒවා අමතක කර දැමුවත් සමගි ජන බලවේගය සතුව එවැනි දේශපාලනයක් නොමැති බවත් ඉදිරි කාලයේ දී පවා මේ ගැටලු විසඳන්න උපරිම කැප වෙන බවත් සීමාසහිත බලයක් සහිතව වුවත් මේ ගැටලුවලට විසදුම් ලබා දෙන්න නායකත්වය ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහතික විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න