කොළඹ නිවාස 153කට සුළගින් හානි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) කොළඹ ප්‍රදේශ රැසක් හරහා අද (11) හමා ගිය දැඩි සුළඟකින් නිවාස 153කට හානි වී ඇති බව වාර්තා වේ. මෙලෙස හානි වී තිබෙන්නේ දෙහිවල, කැස්බෑව, හෝමාගම ,පිළියන්දල, සහ මොරටුව යන ප්‍රදේශවල…
(නිලන්ති චන්ද්‍රසේන)
කොළඹ ප්‍රදේශ රැසක් හරහා අද (11) හමා ගිය දැඩි සුළඟකින් නිවාස 153කට හානි වී ඇති බව වාර්තා වේ.
මෙලෙස හානි වී තිබෙන්නේ දෙහිවල, කැස්බෑව, හෝමාගම ,පිළියන්දල, සහ මොරටුව යන ප්‍රදේශවල පිහිටි නිවාස වලට බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරන්නේ.
මේ අතරින් වැඩි ම නිවාස සංඛ්‍යාවක් හානියට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ වන අතර එම සංඛ්‍යාව 75ක් පමණ වේ.
දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, උතුර , ඌව සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් විටින් විට පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා ප්‍රහාරාත්මක දැඩි සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙයට අමතරව මුහුදු ප්‍රදේශවල ද තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශකරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1