කොළඹ තුරඟ තරග පිටියේ අවන්හළක පිපිරීමක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කොළඹ තුරඟ තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පහත මහලේ පිහිටි,ජාත්‍යන්තර ආහාර සැකසූම් සමාගමකට අයත් අවන්හලක සෙනසුරාදා (20) අලුයම් කාලයේ පිපිරීමක් සමග ගින්නක් හටගෙන තිබූ අතර පොලීසිය පවසන්නේ, එහි සිදු වූ…
කොළඹ තුරඟ තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පහත මහලේ පිහිටි,ජාත්‍යන්තර ආහාර සැකසූම් සමාගමකට අයත් අවන්හලක සෙනසුරාදා (20) අලුයම් කාලයේ පිපිරීමක් සමග ගින්නක් හටගෙන තිබූ අතර පොලීසිය පවසන්නේ, එහි සිදු වූ ගෑස් කාන්දුවීමකින් පිපිරීම සිදු වන්නට ඇති බවටයි.
පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනකු සුළු තුවාල ලබා තිබේ.ඔවුන් දෙදෙනා මෙම පිපිරීම සිදු වූ ස්ථානය ආසන්නයේ පිහිටි රථ ගාලේ කුලී රථයක් පැමිණෙන තුරු බලාසිට ඇත.ගින්න සැලවීමත් සමගම ගිනි නිවන හමුදාව එම ස්ථානයට ගොස් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1