අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොළඹ-ගම්පහ-පුත්තලම යන දිස්ත්‍රික්කවලට ඇදිරිනීතිය දීර්ඝ කරයි

කොළඹ-ගම්පහ-පුත්තලම යන දිස්ත්‍රික්කවලට ඇදිරිනීතිය දීර්ඝ කරයි

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක ඇඳිරි නීතිය දැනට මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. මේ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. එදිනම…

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක ඇඳිරි නීතිය දැනට මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.

මේ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එදිනම එනම් අඟහරුවාදා (24) දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ.

දැන්වීම

අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සඳුදා (23) උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත සදුදා (23) දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි.මේ දිස්ත්‍රික්කවලට පනවනු ලබන ඇඳිරි නීතිය අඟහරුවාදා (24) උදේ 6.00 දක්වා බලපැවැත්වෙයි.

සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම ගැන පසුව දැනුම් දෙනු ලැබේ.

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි.

මේ අතර ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇත.

තවද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තව ද එළවළු ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පමණක් ප්‍රවාහනයට ද ඉඩ සලසා තිබේ.එසේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට විධිවිධාන සලසා ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොළඹ-ගම්පහ-පුත්තලම යන දිස්ත්‍රික්කවලට ඇදිරිනීතිය දීර්ඝ කරයි | Lanka Newsweek