අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් අඟහරුවාදා (17) දිනයේ දී වාර්තා වී ඇත. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.72 කින් ඉහළ ගොස් ඒකක 8,376.30 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය…

කොළඹ කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් අඟහරුවාදා (17) දිනයේ දී වාර්තා වී ඇත.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.72 කින් ඉහළ ගොස් ඒකක 8,376.30 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 79.43 කින් ඉහළ ගොස් ඒකක 2,607.51 ක් ලෙසින් වාර්තා විය.

එම ඉහළ යාම පිළිවෙලින් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.38% ක සහ 3.14% ක වර්ධනයකි. රුපියල් බිලියන 1.24 ක ගනුදෙනු පිරිවැටුමක් අඟහරුවාදා (17) දින වාර්තා විය.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිල අඟහරුවාදා (17) ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දෙන ලදී. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල රුපියල් 192.50 ක් දක්වා රුපියල් 20.50 කින් හෙවත් 11.92% ක වර්ධනයක් වාර්තා කර තිබුණි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉහළට | Lanka Newsweek