කොළඹ එළවළු කිලෝව 400යි-බදුල්ලේ 30ට වත් විකුණනු බැහැ

කැප්පෙටිපොල තොග වෙළෙඳ පොළේ එළවළු කිලෝ ලක්ෂ 6ක් කුණු වෙනවා එළවළු විකුණා ගන්න බැරුව බදුලු ගොවීන් අසරණ වෙලා කොළඹ මිනිසුන්ට කන්න තබා ලෙව කන්නවත් එළවළු නැහැ මිනිසුන්ට කන්න දෙන්න ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැහැ…
කැප්පෙටිපොල තොග වෙළෙඳ පොළේ එළවළු කිලෝ ලක්ෂ 6ක් කුණු වෙනවා
එළවළු විකුණා ගන්න බැරුව බදුලු ගොවීන් අසරණ වෙලා
කොළඹ මිනිසුන්ට කන්න තබා ලෙව කන්නවත් එළවළු නැහැ
මිනිසුන්ට කන්න දෙන්න ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැහැ

බදුල්ල, කැප්පෙටිපොල තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ මේ වන විට විකුණා ගත නොහැකිව ගොඩ ගසා ඇති එළවළු ප්‍රමාණය කිලෝ ලක්ෂ 6 ඉක්ම වන බව රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
එළවළු කිලෝවක් රුපියල් 30ක ට වත් විකුණා ගත නොහැකි තත්ත්වයක්ට පත්ව ඇති අතර මේ හේතුවෙන් ගොවි ජනයා අනත අසරණව සිටින බව පෙන්වා දෙන රාජිත කීර්ති තෙන්නකෝන් මහතා ජනතාවට කන්න දෙන්න ආණ්ඩුවට කිසිම වැඩ පිළිවෙළක් නොමැති බවට ද චෝදනා කර සිටියි.
දැන්වීම
බදුල්ලේ එළවළු කිලෝවක් රුපියල් තිහකටවත් විකුණා ගත නොහැකි වුණත් කෙළඹ සහ තදාසන්න ප්‍රදේශවල දී මේ දිනවල ජංගම රථ මගින් එළවළු කිලෝවක් විකුණනු ලබන්නේ රුපියල් 350ත් 400ත් අතර මිලකට යැයි ද හෙතෙම අවධාරණය කර සිටියි.
"උඩරට ගොවියාට එළවළු විකුණා ගන්න බැහැ. කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජනතාවට කන්නට නොව ලෙව කන්නට වත් එළවළු-පළතුරු නැහැ. අවුරුද්දක් මේ ප්‍රශ්නය මෙලෙසම දිග ඇදෙමින් තිබෙනවා. කියන්නට කිසිවෙකු ඇත්තේ නැහැ. අහන්නට කෙනෙක් නැහැ. ශ්‍රී ලංකාවේ පසුගාමී ම දිස්ත්‍රික්කය බවට බදුල්ල පත් වෙලා." රජිත කීර්ති තෙන්නකෝන් මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

