අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොස්ගොඩ නිලන්තගෙන් ලෝක වාර්තාවක්..!

කොස්ගොඩ නිලන්තගෙන් ලෝක වාර්තාවක්..!

(ජයකාන්ත ලියනගේ) විසි වසරක් තිස්සේ සිට ලෝකානතය ඇතුඵ ශ්‍රී ලංකාවේ කඳු හෙල් බසිමින් වාර්තා කිහිපයක් තබා තිබෙන කොස්ගොඩ නිලන්ත ද සොයිසා ඊයේ (09) දින විනාඩි 57 කින් මාතලේ රිවස්ටන් ලෝකාන්තය බසිමින් ලෝක…

(ජයකාන්ත ලියනගේ)

විසි වසරක් තිස්සේ සිට ලෝකානතය ඇතුඵ ශ්‍රී ලංකාවේ කඳු හෙල් බසිමින් වාර්තා කිහිපයක් තබා තිබෙන කොස්ගොඩ නිලන්ත ද සොයිසා ඊයේ (09) දින විනාඩි 57 කින් මාතලේ රිවස්ටන් ලෝකාන්තය බසිමින් ලෝක වාර්තාවක් තැබීමට සමත් විය.

ඔහු පෙරේදා පෙරවරු 09 යි මිනිත්තු 09 යි තත්පර 09ට මාතලේ රිවස්ටන්  ලෝකාන්තය බසිමින් මෙම වාර්තාවතැබීමට සමත් විය. මාතලේ රිවස්ටන්  ලෝකාන්තයමීට පෙර පැය 01 යි විනාඩි 23 කින් බසිමින් තබන ලද වාර්තාව නිලන්ත ද සොයිසා විසින්ඊයේ (09) බිද හෙලන ලදී.

‘එක් ධජයක්, සාමයෙන් පිරි රටක්’ යන්න තේමාව කර ගනිමින් මෙවර මෙම තරගයටඉදිරිපත් වූ මොහු මීට පෙර නුවරඑළිය ලෝකාන්තය, මතුගම පාහියන්ගල, බදුල්ල පස්සර පුංචි ලෝකාන්තය, බඹරකන්ද දිය ඇල්ල, දියලුම දිය ඇල්ල, නුවරඑළිය කොතලාගල සහ මාතලේ රිවස්ටන් පුංචි ලෝකාන්තය ආදිය මීට පෙරදීඅඩු කාලයකින් බැස ලෝක වාර්තා තබා තිබේ.

දැන්වීම

බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුවන මොහු කොස්ගොඩ හෑගල්ල මහා විද්‍යාලයෙන් හා අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයේආදි ශිෂ්‍යයෙකි. උසස් පෙළ වාණිජ විෂය ධාරාව හදාරමින් සිටිය දී මීට වසර විස්සකට ඉහතදී ලෝකාන්තය පැයක් වැනි කාලයක දී බසිමින් ලෝකාන්තය බසින ලද ප්‍රථම පාසල් සිසුවාහැටියටත් එය බසින ලද දෙවන ශ්‍රී ලාංකිකයා වෙමින් ක්‍රීඩා ලොවේ වාර්තා තබා

තිබේ. 2009 වසරේ අප්‍රේල් මාසයේ දී ජනාධිපතිබාලදක්ෂයන් නව දෙනෙක් සමඟ දින විසිහතක් තුළදී ලොව උසම එවරස්ට් කඳු වැටිය තරණය කළකණ්ඩායමේ නායකත්වය දැරුවේද නිලන්ත ද සොයිසාය.

කොස්ගොඩ නිලන්තගෙන් ලෝක වාර්තාවක්..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොස්ගොඩ නිලන්තගෙන් ලෝක වාර්තාවක්..! | Lanka Newsweek