අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

(නිලන්ති චන්ද්‍රසේන) අද (02) දින කොස්ගම, වැරැල්ලමණ්ඩිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ වයස අවුරුදු 34 හා 78 කාන්තාවන් දෙදෙනෙක් වන අතර…

(නිලන්ති චන්ද්‍රසේන)

අද (02) දින කොස්ගම, වැරැල්ලමණ්ඩිය ප්‍රදේශයේදී   තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ වයස අවුරුදු 34 හා 78  කාන්තාවන් දෙදෙනෙක් වන අතර මොවුන් දෙදෙනා ඥාතින්ද වන බව පොලිසිය පවසයි.මොවුන් දෙදෙනා ඝාතනයට ලක්වී ඇත්තේ නිවසේ රැදී සිටින අවස්ථාවේදීය.මෙම ඝාතනය මුදල් ආරවුලක් මත සිදු වුවක් බව පොලිසිය මේ වන විට කරුණු අනාවරණය කරගෙන තිබේ.

සැකකරු ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ ඥාතියෙකු වන අතර මේ වන විට ඔහුද ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිසිය පුළුල් මෙහෙයුමක් දියත්කොට ඇති බව පොලිසිය පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ | Lanka Newsweek