කොවිඩ් 19 - ආරක්ෂාවිම ගත හැකි පියවර

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 හෙවත් Coronavirus වලින් ආරක්ෂා වීම සහ රෝගය ව්‍යාපත්වීම පාලන කිරීමටත් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව එදිනෙදා…
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 හෙවත් Coronavirus වලින් ආරක්ෂා වීම සහ රෝගය ව්‍යාපත්වීම පාලන කිරීමටත් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව එදිනෙදා සෞඛ්‍ය සම්පන්නව සිටීමට ගත හැකි ආකාරය පිළිබඳව ඔවුන් පැහැදිලි කර තිබේ.
* දිනකට ජලය ලීටර් දෙකක් පානය කිරිම.
දැන්වීම
* ප්‍රධාන ආහාර වේල් තුන නියමිත පරිදි ලබා ගැනිම.
* විටමින් සී බහුල දෑ ආහාරයට ගැනීම (පේර, නෙල්ලි, ජම්බෝල, කැරට් කොල, මුරුංගා කොළ, ගස්ලබු, දොඩම්)
* සින්ක් බහුල දෑ ආහාරයට ගැනිම. (කූනිස්සන්, බිත්තර)
* ස්නැක් වර්ග, පැණිරස බීම හා බදින ලද ආහාර වර්ග ආහාරයට නොගැනීම.
* ඇල්කොහෝල් හා දුම්වැට් භාවිතයෙන් වැළකීම.
* අහාර ගැනීමට හෝ ආහාර සැකසීමට පෙර තත්ත්පර විස්සක් අත සේදීම.
* හැකි තරම් නිවසෙ පිසිල ලද අහාර භාවිතයට ගැනීම.
* පැය 6-8 ක පමණ ප්‍රමාණවත නින්දක් ලබාගැනීම.