කොවිඩ් ප්‍රතිකාරවලදී 60ට වැඩි අයට ප්‍රමුඛතාව

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නො වන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇත ජනාධිපති…
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නො වන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇත
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව කියා ඇත්තේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග සිකුරාදා(13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී වන අතර එහිදී තව දුරටත් ඔහු මෙසේ පැවසීය.
ගත වූ දින කිහිපයේදී සිදු ව ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වන අතර මේ පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි, එන්නත ලබා නො ගත් සහ බෝ නො වන රෝගවලින් පෙළෙන අය බව හඳුනා ගෙන ඇත.
එම නිසා වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පෙළෙන අය කෙරෙහි අවධානය යොමු කර විශේෂ වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.
දැන්වීම
PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේදී 60ට වැඩි සහ විවිධ ලෙඩරෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාව දිය යුතුයි. වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිර කාන්දුකරණයට ලක්කර ඇති රෝගීන් හුදකලා (Isolate) කිරීම සිදු කල යුතුයි.
බෝ නො වන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් සායනවල ලියාපදිංචි වී ඇති රෝගින්ගේ විස්තර ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ අවධානයට යොමු කිරීම අවශ්‍යයි.
එහිදී අදහස් දැක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එහෙත් විවිධ රෝග හේතුවෙන් මෙතෙක් එන්නත ගැනීමට නො පැමිණි පිරිස් හඳුනා ගෙන ඇති බවත් ඔවුන් සියලුදෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත ලබා දීමට පියවර ගන්නා බවත්ය.
කොවිඩ් කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්නේ එක් එන්නතක් ලබා තිබීම, රෝගයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් නොවන බැවින් එන්නත් මාත්‍රා දෙක ම ලබාගෙන ප්‍රතිශක්තීකරණ වර්ධන කාල සීමාවට පැමිණෙන තෙක් වගකීමෙන් ක්‍රියා කළ යුතු බවයි.
ජනතා ඒකරාශීවීම් වළක්වා ගැනීම, විශේෂ අවශ්‍යතාවක් සහ රාජකාරී සඳහා කැඳවා නැති සියලු දෙනා නිවෙස්වල රැඳී සිටීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රෝගය පැතිරයෑම වැළැක්වීමට සහායවීම ජනතාවගේ යුතුකම හා වගකීම බව වෛද්‍යවරු අවධාරණය කර ඇත.