අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොරෝනා බවට සැක කරන රෝගීන් 212 ක්

කොරෝනා බවට සැක කරන රෝගීන් 212 ක්

(ජයකාන්ත ලියනගේ) කොරෝනා ආසාධිතයින් යැයි සැක කරන පුද්ගලයින් දෙසිය දොලොස් දෙනෙකු (212) වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වන විට රදවාගෙන ප්‍රතිකාර කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳුදා (16)…

(ජයකාන්ත ලියනගේ)

කොරෝනා ආසාධිතයින් යැයි සැක කරන පුද්ගලයින් දෙසිය දොලොස් දෙනෙකු (212) වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වන විට රදවාගෙන ප්‍රතිකාර කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳුදා (16) නිකුත් කරන ලද නවතම වාර්තාව මගින් තහවුරු කර තිබේ.

ඔවුන් අතර විදේශීය ජාතිකයින් 08 දෙනෙකුද සිටින බවත් මොවුන් දිවයින පුරා පිහිටි රෝහල් 16 ක රදවා ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් රදවා ඇත්තේ අයිඩීඑච් හි පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයේය. එහි රදවා ඇති රෝගීන් සංඛ්‍යාව 84 දෙනෙකි.

කොළඔ, ජාතික රෝහලේ රෝගීන් 12 දෙනෙකු, රාගම, ශික්ෂණ රෝහලේ රෝගීන් 08 දෙනෙකු, ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහගේ 12 දෙනෙකු රදවා ඇත. අනුරාධපුර ශික්ෂණ රෝහලේ 02 ක්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ 25 ක්, නුවර ජාතික රෝහලේ 04 ක්, මඩකලපුව ශික්ෂණ රෝහලේ 01 ක්, ගම්පහ මූලික රෝහලේ 15 ක්, මීගමුව මූලික රෝහලේ 15 ක්, රත්නපුර ශික්ෂණ රෝහලේ 16 ක්, බදුල්ල පළාත් රෝහලේ 02 ක්, කොළඔ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ 02 ක්, කොළඔ, ද සොයිසා කාන්තා රෝහලේ 01 ක් පොලොන්නරුව මහ රෝහලේ 10 ක් සහ දෙහිවල, කළුබෝවිල ශික්ෂණ රෝහලේ 03 ක් වශයෙන් මොවුන් රදවා ඇත.

විදේශීය ජාතිකයින් 08 දෙනා රදවා ඇත්තේ අයිඩීඑච්, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 05 ක් කොළඔජාතික රෝහලේ 01 ක් හා නුවර ජාතික රෝහලේ 02 ක් වශයෙනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වලට අනුව මේ දක්වා හදුනාගෙන ඇති කොරෝනා වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව 18 දෙනෙකි. මෙයින් 17 දෙනෙකුම ශ්‍රී ලාංකිකයින්ය. එයින් පළමුවෙන් වාර්තා වූ රෝගියා වූයේ පසුගිය ජනවාරි මාසයේදී වාර්තා වූ චීන ජාතික කාන්තාවයි. අවසන් රෝගියා වාර්තා වූයේ පසුගිය මාර්තු 14 වැනිදාය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොරෝනා බවට සැක කරන රෝගීන් 212 ක් | Lanka Newsweek