කොමිෂන්වල ස්වාධීනත්වය රකින්න කරූ මැදිහත් වෙයි

(රංජිත් ගුණවර්ධන) ස්වාධින කොමිෂන් සභාවල ස්වාධීනත්වය සහ අනන්‍යතාවය රැක ගැනීම සදහා සියලුම ස්වාධින කොමිෂන් සභාවල සාමාජිකයන් සමග දෙමසකට වරක් සාකච්ඡා කිරීමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කොට තිබේ.…
(රංජිත් ගුණවර්ධන)
ස්වාධින කොමිෂන් සභාවල ස්වාධීනත්වය සහ අනන්‍යතාවය රැක ගැනීම සදහා සියලුම ස්වාධින කොමිෂන් සභාවල සාමාජිකයන් සමග දෙමසකට වරක් සාකච්ඡා කිරීමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කොට තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී සියලුම ස්වාධින කොමිෂන් සභා සාමාජිකයන් සමග පැවති විශේෂ සාකච්චාවකදී කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කොට ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස ස්වාධින කොමිෂන් සභාවල ස්වාධීනත්වය සහ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට තමාටද වගකීමක් සහ යුතුකමක් පවතින බවය.
ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධිනත්වයට කුමන ආකාරයකින් හෝ බලපෑම් කිරීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බවද එම සාකච්චාවේදී ප්‍රකාශයට පත් කොට අති අතර කතානායක කරු ජයසූරිය මහතා ස්වාධින කොමිෂන් සභාවල අයිතිය තහවුරු කිරීම සදහා තමා ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද පවසා ඇත.