අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොන්-දොස්තර සජිත්ගේ උපදෙස් කොරෝනාවටත් වඩා භයානකයි

කොන්-දොස්තර සජිත්ගේ උපදෙස් කොරෝනාවටත් වඩා භයානකයි

මහාචාර්ය චන්න ජයසුමනගෙන් සජිත් ප්‍රේමදාසට වෛද්‍ය පාඩමක් වැරදි වෛද්‍ය උපදෙස් වහා ඉල්ලා අස් කර ගනු සජිත්ගේ මොළ ගෙඩියේ තරම යළි යළිත් තහවුරුයි "මස්සානං වඩ්ඪති-මනසානං නවඩ්ඪති" "බල්ලාගේ වැඩේ බූරුවා කරන්න…

මහාචාර්ය චන්න ජයසුමනගෙන් සජිත් ප්‍රේමදාසට වෛද්‍ය පාඩමක් 

වැරදි වෛද්‍ය උපදෙස් වහා ඉල්ලා අස් කර ගනු 

සජිත්ගේ මොළ ගෙඩියේ තරම යළි යළිත් තහවුරුයි 


"මස්සානං වඩ්ඪති-මනසානං නවඩ්ඪති"

"බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියා වගේ..."

කොන්-දොස්තර සජිත්ගේ උපදෙස් කොරෝනාවටත් වඩා භයානකයි


හිටපු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදා හැර ඇති "වීඩියෝ" ව හේතුවෙන් "චොවිඩ්-19" හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන්ට ලබා දෙන ඖෂධ පිළිබඳ බරපතළ වැරදි පණිවිඩයක් භයානක ලෙස සමාජ ගත වෙමින් පවතින්නේ යැයි වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කර සිටියි.

එම නිසා එම බරපතළ සහ භයානක වැරදි පණිවිඩය වහාම නිවැරදි කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බව ද ඖෂධ විද්‍යාව පිළිබඳ වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

දැන්වීම

රට ජාතික ව්‍යසනයකට මුහුණ දී ජනතාව මර බියට පත්ව අන්ත අසරණ වී සිටින මොහොතක හිටපු විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කිසිදු වගකීමකින් සහ වගවීමකින් තොරව ජනතාව නොමඟ යවමින් සහ තව තවත් අනතුරකට තල්ලු කරමින් ලබා දුන් වැරදි,භයානක සහ අනතුරුදායක වෛද්‍ය උපදෙස් ප්‍රතික්ෂේප කරමින් ද,ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ද වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය නිල "facebook" පිටුවේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර සිටියි. 

01. "හයිඩ්‍රෝක්සි-ක්ලොරෝකුවීන්" (Hydroxychloroquine) - (HCQ) - ඖෂධය කිසිසේත් මහ ජනතාවට හිතුමතේ භාවිතයට අනුබල නොදිය යුතුය.රෝග ලක්ෂණ ඇති අයකු වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙම ඖෂධය භාවිතා කළහොත් රෝගය නිසි පරිදි හඳුනා ගත නොහැකිව බරපතළ ප්‍රශනයක් පැන නගී. තවද මෙම ඖෂධයේ අතුරු ආබාධ රැසකි.

02. "ප්ලැකනිල්" (Plaquenil) යනු "හයිඩ්‍රෝක්සි-ක්ලොරෝකුවීන්"වලට "Hydroxychloroquine"  වඩා උසස් ගණයේ ඖෂධයක් බවත්,ඒ අනුව එම ඖෂධය ලබා දිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරයි."හයිඩ්‍රෝක්සි-ක්ලොරෝකුවීන්" යනු අදාළ ඖෂධ නාමයයි."ප්ලැකනිල්" යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ඊට ලබා දී ඇති වෙළද නාමයයි."පැරසිටමෝල්" ඖෂධය සඳහා එක්තරා සමාගමක් "පැනඩෝල්" යන වෙළද නාමය ලබා දී ඇති අයුරිනි. එහෙයින් මේ ප්‍රකාශය මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි.

03. "හයිඩ්‍රෝක්සි-ක්ලොරෝකුවීන්" හෝ "ප්ලැකනිල්" යන ඖෂධවලින් අතුරු ආබාධයක් හෝ අගතියක් සිදු වූව හොත් "ඇසිත්‍රෝමයිසින්" (azithromycin) ලබා දිය හැකි බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.එම ප්‍රකාශය ද මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි."ඇසිත්‍රෝමයිසින්" යනු ප්‍රතිජීවක ඖෂධයකි. "හයිඩ්‍රෝක්සි-ක්ලොරෝකුවීන්" හෝ "ප්ලැකනිල්" ඖෂධ මගින් නියුමෝනියා තත්ත්වයක් ඇති නොවන අතර "ඇසිත්‍රෝමයිසින්" ඖෂධය මෙකී රෝගීන්ට ලබා දීමට බලාපොරොත්තු වන්නේ "හයිඩ්‍රෝක්සි-ක්ලොරෝකුවීන්" ඖෂධයේ අතුරු ආබාධයකින් වැළකීමට නොවේ.

දීර්ඝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු , ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු සේම ජනාධිපති  අපේක්ෂයකු ලෙසද කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතාගේ මේ මෙම ප්‍රකාශය නිසා ජනතාව නොමග යා හැකි හෙයින් එම ප්‍රකාශය අප්‍රමාදීව නිවරදි කරන ලෙස ඔහුගෙන් නැවත නැවතත් ඉල්ලා සිටිනවා.

▶ වීඩියෝව නරඹන්න

 -වෛද්‍ය චන්න ජයසුමන-
 

ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය
 

(MBBS,PhD, FRCP Edin)
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
කොන්-දොස්තර සජිත්ගේ උපදෙස් කොරෝනාවටත් වඩා භයානකයි | Lanka Newsweek