කොන්ද පණ ඇති එකම නායකයා තමා බව ජනපති ක්‍රියාවෙන්ම ඔප්පු කළා

කොන්ද පණ නැහැ කියා හංවඩු ගැසූ රනිල්ටම රට ගොඩගන්න වීම දෛවයේ සරදමක් ඕනෑම අභියෝගයක් සහ වගකීමක් භාර ගත හැකි මේ රටේ සිටින කොන්ද පණ ඇති එකම නායකයා තමා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාවෙන්ම ඔප්පු…
කොන්ද පණ නැහැ කියා හංවඩු ගැසූ රනිල්ටම රට ගොඩගන්න වීම දෛවයේ සරදමක්

ඕනෑම අභියෝගයක් සහ වගකීමක් භාර ගත හැකි මේ රටේ සිටින කොන්ද පණ ඇති එකම නායකයා තමා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇතැයි "United Youth" සභාපති සහ එහි නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා අවධාරණය කර සිටියේය.
"United Youth" සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා මේ බව කියා සිටියේ, අනුරාධපුර, කලා වැව, උපුල්දෙණිය ගම්මානයේ දී උපුල්දෙණිය රජ මහා විහාරයේ නා උයනේ දී උපුල්දෙණිය රජ මහා විහාරාධිපති නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම සංවිධානයේ ජන හමුවකට එක් වෙමිනි.
දැන්වීම
රට බංකොලොත් වී ජනතාව අන්ත අසරණ වූ අවස්ථාවේ දී එම අභියෝගය සහ වගකීම භාර ගෙන රටත් ජනතාවත් එම තත්ත්වයෙන් ගළවා ගැනීමට කොන්ද පණ ඇති නායකයෙකු නොසිටී බව පෙන්වා දුන් සුදත් චන්ද්‍රසේකර මහතා දෛවයේ සරදමකට වගේ අවසානයේ දී සිදු වූයේ කොන්ද පණ නැති නායකෙයකු ලෙස ජනතාව විසින්ම හංවඩු ගැසූ රනිල් වික්‍රමසිංහ මහතාට එම අභියෝගය සහ වගකීම භාර ගැනීමට බවත් කියා සිටියේය.
ඒ අනුව ඕනෑම අභියෝගයක් සහ වගකීමක් භාර ගත හැකි මේ රටේ සිටින කොන්ද පණ ඇති එකම නායකයා තමා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇතැයි ද සුදත් චන්ද්‍රසේකර මහතා අවධාරණය කළේය.
රට අද නිවැරදි මාර්ගයට යොමු කොට ආර්ථික අඝාධයෙන් ගොඩගනිමින් සිටින බවත් මෙම මාර්ගය හැරුණු කොට විකල්ප මාර්ග නොමැති නිසා රටක් ජාතියක් ලෙස අප තව දුරටත් මෙම මාර්ගයේම ගමන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට නැවත රට භාරය දිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවටද බලපාන බවත් ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වන බැවින් බැවිත් ජනාධිපතිවරණ ඇතුළු මැතිවරණ සඳහා මුදල් වියදම් කිරීම බංකොලොත් රටකට යෝග්‍ය නොවන බවත් සුදත් චන්ද්‍රසේකර මහතා පැවසීය.
United Youth සංවිධානයේ ජාතික සංවිධායක රංගන ශිල්පි අර්ජුන කමලනාත්, වෙෙද්‍ය එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෙෙද්‍ය හර්ෂණ සමරසිංහ, කාන්ත අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් රංගන ශිල්පිණි ශෂිකලා හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ ජෙනරාල් අසංක රත්නායක සහ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකාරක රිස්වි මොහොමඩ් ඇතුළු මහත්ම මහත්මින් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.