අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොන්දේසි විරහිතව ටෙලෝ සංවිධානයේ සහය සජිතට

කොන්දේසි විරහිතව ටෙලෝ සංවිධානයේ සහය සජිතට

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) කොන්දේසි විරහිතව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම්…

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) කොන්දේසි විරහිතව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා ප්‍රකාශ කර සිටියි.

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා බ්‍රහස්පතින්දා (7)මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරමින් පවසා සිටියේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමට තීරණය කළ බවයි.

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය පසුගිය 3 වැනිදා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීමට ගත් තීරණයද අනුමත කරයි.

දැන්වීම

තවද ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවට තම පක්ෂය නියෝජිතයින් තීරණය කළ බවත්,ඒ අනුව මේ සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ඒකමතිකව හිමිව ඇති බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

කිසිදු කොන්දේසියක් නොමැතිව ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් මෙම තීරණය ගත් බවද සෙල්වම් අඩෙක්කලනාදන් මහතා සඳහන් කර සිටියේය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය එක්ව දෙමළ ජාතික සන්ධානය සකස් වි ඇති අතර, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පසුගිය 03 වැනිදා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය පළකරන බව පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොන්දේසි විරහිතව ටෙලෝ සංවිධානයේ සහය සජිතට | Lanka Newsweek