කොතලාවල පනතට එරෙහිව මහනුවර උද්ගෝෂණය

(හේමන්ත තුසිත කුමාර) සිසු-ජන විරෝධතා මර්දනය කරමින් කොතලාවල පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩුව විසින් ගනු ලබන උත්සාහයට එරෙහිව හා අදහස් දැක්වීමේ හා විරෝධතා පැවැත්මට ඇති අයිතිය මර්දනය කරන…
(හේමන්ත තුසිත කුමාර)
සිසු-ජන විරෝධතා මර්දනය කරමින් කොතලාවල පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩුව විසින් ගනු ලබන උත්සාහයට එරෙහිව හා අදහස් දැක්වීමේ හා විරෝධතා පැවැත්මට ඇති අයිතිය මර්දනය කරන වැඩපිළිවෙලක් ආණ්ඩුව ගෙන යන්නේ යැයි චෝදනා නගමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ඉරිදා(11) මහනුවර නගරයේදී විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදී.
මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ගයාන් අකිල ජයතිලක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය ආණ්ඩුව සිදුකළ වැරදි ආපසු හරවන බවට පවසමින් බලය ලබාගත් වත්මන් ආණ්ඩුව විසින් පසුගිය ආණ්ඩුව සමයේ නිදහස් අධ්‍යාපනය වැනසීමට ගෙන ආ කොතලාවල පනත පවතින වසංගත තත්ත්වයට මුවාවෙමින් මේ මස 08 වන දින පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමට නිර්ලජ්ජිත උත්සාහයක නිරත වූ බවත් ඊට එරෙහිව සටන් කල ශිෂ්‍යයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගෙන නිරෝදායනය නමින් සිරකරමින් සිදු කරන මර්දනය දැඩිසේ හෙලා දකින බවත්ය.
එමෙන්ම වසංගතයට මුවා වෙමින් රජය ගෙනයන මර්දනකාරී වැඩපිළිවෙළ හා නිරෝදායනය නීති යොදාගනිමින් ආණ්ඩුව ගෙනයන හිතුවක්කාරී ක්‍රියාමාර්ගය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් මර්දන ක්‍රියාමාර්ග කොතෙක් ගත්තද අයිතීන් කප්පාදු කරමින් ආණ්ඩුව විසින් මේ ගෙන යනු ලබන ජනතා ද්‍රෝහි පාලනය නවතන තුරු මේ සටන අත්නොහරින බවද වැඩිදුරටත් ඔහු විසින් පවසන ලදී.
දැන්වීම
අවසන් වශයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙම කොතලාවල පනත මාසයක් කල් දමා සම්මත කරගැනීමට උත්සහ කිරීම වෙනුවට මෙම පනත හකුළා ගැනීමටත් රටේ පවතින අනෙකුත් ගැටළු වලට විසඳුම් ලබාදීමටත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවත් එසේ නොකළහොත් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස රටේ පවතින අනෙකුත් ප්‍රගතිශීලී බලවේග සමඟ එක්ව තවදුරටත් දැවැන්ත අරගල සිදු කිරීමට බලාපොරොත්තුවන බවත්ය.
(මහා ශිෂ්‍ය සංගමය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

