අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

කොට්ට පැදුරු අකුලා ගෙන අකිල මහා ගෙදරින් යයි

කොට්ට පැදුරු අකුලා ගෙන අකිල මහා ගෙදරින් යයි

හැබැයි ලියුම දුන්නේ රනිල්ට නොව ශමල්ට ආශුටයි-සාගලටයි අකිලගෙන් චෝදනා (සුජිත් මංගල ද සිල්වා) සිය ලිපි ලේඛන සහ බඩු භාණ්ඩ ඇතුළු කාර්යාලීය උපකරණ ද, රැගෙන එක්සත් පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා…

හැබැයි ලියුම දුන්නේ රනිල්ට නොව ශමල්ට 

ආශුටයි-සාගලටයි අකිලගෙන් චෝදනා 

කොට්ට පැදුරු අකුලා ගෙන අකිල මහා ගෙදරින් යයි

(සුජිත් මංගල ද සිල්වා)

සිය ලිපි ලේඛන සහ බඩු භාණ්ඩ ඇතුළු කාර්යාලීය උපකරණ ද, රැගෙන එක්සත් පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා "සිරිකොත" පක්ෂ මූලස්ථානයෙන් මේ වන විට පිටව ගොස් තිබේ.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් සහ ඔහු හමුවී පෞද්ගලිකව හෝ භාර දී නොමැති අකිල විරාජ් කාරියවසම් මහතා, "සිරිකොත" ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් මහතා වෙත පමණක් එම ලිපිය ලබා දෙමින් ඔහුට දැනුම් දී තිබෙන්නේ සිය ඉල්ලා අස්වීමට අදාළ එම ලිපිය නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙන ලෙසය. 

තමා එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වූ බව "සිරිකොත" දේශපාලන ක්‍රියාකාරීන්, තරුණ තරුණියන් සහ සේවක සේවිකාවන් සමග කියා ඇති අකිල විරාජ් කාරියවසම් මහතා, තමා මේ තනතුරෙන් එළවා දැමීමට ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ සිටිමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ කොන්ත්‍රාත් ඉටු කරන ආශු මාරසිංහ සහ සාගල රත්නායක යන මහත්වරුන් පිරිසක් බවට ද චෝදනා කර ඇත.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න